ඔබේ ආහාර වේලට කිරි ආශ්‍රිත නිෂ්පාදන වලින් ලැබෙන දායකත්වය

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

අප ඉපදුන වහාම අපට මවුකිරි ලබා දෙන අතර, ඉන්පසු මාස 6ක් අවම වශයෙන් 100%ක්ම මවු කිරි ලබා දීම අනිවාර්ය වන අතර ඉන් පසුවත් ඝන ආහාර සමග මවු කිරිද දරුවාට ලබා දීම සුදුසු බව වෛද්‍ය උපදේශයයි.

(ඇතැම් සෞඛ්‍ය ගැටළු ඇති දරුවන්ට වෙනත් විකල්ප ලබා දෙනු ඇත). ඇතැමුන් කිරි නිෂ්පාදන වලට අසාත්මික නිසා එයින් වැලකී සිටිය යුතුය.

* කිරි නිෂ්පාදන අත්‍යවශ්‍යද?

ඔබ 100%ක්ම සත්ත්වමය මූලයක් සහිත ආහාර වලින් වළකින්නේ නම්, ඔබේ තේරීමට අප ගරු කරමු. නමුත් කිරි නිෂ්පාදන භාවිතයට අකැමැත්තක් නැත්නම්, පහත කරුණු සැලකිල්ලට ගෙන කිරි නිෂ්පාදන අවශ්‍ය ප්‍රමාණයට භාවිතා කරන්න. කිරි නිෂ්පාදන ජීවිතයට අත්‍යවශ්‍ය නැතැයි ඇතැමුන් පවසා සිටියත්, කිරි නිෂ්පාදන ආහාරයට එක් කර ගන්නේ නම් යම් යම් පෝෂ්‍යපදාර්ථ ඉතා පහසුවෙන් කිරි නිෂ්පාදන වලින් ලැබෙන බව නම් නිසැකයි.

* කිරි නිෂ්පාදන වල ඇති කැල්සියම්

කැල්සියම් වලින් අපගේ අස්ථි සහ දත් ශක්තිමත්ව තබාගැනීමට උපකාරී වේ. කිරි ආහාර වල ඇති කැල්සියම් ශරීරයට පහසුවෙන් අවශෝෂණයවේ. කිරි සහ අනෙකුත් කිරි නිෂ්පාදන වන චීස් සහ යෝගට්, කැල්සියම් සහ ප්‍රෝටීන් බහුල ආහාර වේ. කැල්සියම් ලබා ගැනීමට විවිධ පලා වර්ග (උදා: නිවිති, බ්‍රොකොලි) ආහාරයට ගත හැකි නමුත් කිරි වීදුරුවකින් එයට වඩා පහසුවෙන්, වැඩි කැල්සියම් ප්‍රමාණයක් ලබා ගත  හැක. සෞඛ්‍ය සම්පන්න තේරීමක් සඳහා අඩු මේද කිරි සහ කිරි ආහාර වෙත යොමු වන්න.

* කිරි නිෂ්පාදන වල ඇති ප්‍රෝටීන්

කිරි ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 3ක් පමණ තිබෙන බව සොයාගෙන ඇත. ප්‍රෝටීන් බහුල වන්නේ මාංශමය ආහාර වලයි. ඒ හැරුණකොට සෝයා වලින් නිෂ්පාදිත ටෝෆු සහ නිවිති වැනි ශාකමය ආහාර වලද ප්‍රෝටීන් අඩංගු වේ. එනිසා කිරි නොබොන නිර්මාංශික අයෙකුට එවැනි ශාකමය ආහාර අනුභව කිරීම මගින් දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පුර්ණ කරගත හැක. (ප්‍රෝටීන් ග්‍රෑම් 3ක් ලබා ගැනීමට නිවිති ග්‍රෑම් 100ක් පමණද, ටෝෆු ග්‍රෑම් 50ක් පමණද අනුභව කල යුතුය).

* වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සම්පන්න කිරි නිෂ්පාදන තෝරා ගැනීම

කිරි නිෂ්පාදන වල ඇති සමස්ථ මේද ප්‍රමාණය එක් එක් නිෂ්පාදනය අනුව වෙනස් විය හැක. මේදය යම් ප්‍රමාණයක් මිනිසාගේ පැවැත්මට උවමනා වේ. කිරි වල ඇති මේදයෙන් ශක්තියද ලබා දෙයි. කාර්යාලමය රැකියා වල නිරත වන අය ඇඟ වෙහෙසා වැඩ කිරීම අඩු නිසා මෙම මේද වල ඇති ශක්තියෙන් භාවිතා නොවූ කොටස ශරීරයේ තැන්පත් වීම නිසා ස්ථුලතාවය ඇතිවේ. එනිසා ඔබ එවැනි රැකියාවක් කරන්නේ නම් හෝ රැකියාවක් නොකලත් සිරුර වෙහෙසන්නේ නැති නම්, මේද රහිත කිරි පානය කිරීම සුදුසුය.

සංතෘප්ත මේදය අධිකව ඇති ආහාර ගැනීම තුලින් රුධීරයේ ඇති කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩිවී, හෘදයාබාධ හෝ අඝාතය ඇතිවීමේ ඉහල අවදානමක් ඇත.

කිරි ආහාර වල ඇති මේදය, ලුණු සහ සීනි මට්ටම, ලේබලයේ ඇති පෝෂණ තොරතුරු මඟින් දැනගත හැක. කිරි සහ කිරි නිෂ්පාදන සමග ඔබට ඇති වෙනත් ශාකමය විකල්ප  සංසන්දනය කර බැලුවහොත්, සෞඛ්‍ය සම්පන්න තෝරාගැනීමක් කල හැක.

* චීස් ප්‍රණීතයි, නමුත්…

ඇතැම් දෙමවුපියන් හිතන්නේ දරුවන්ගේ වර්ධනයට චීස් ආහාරයට දිය යුතුයි කියාය. චීස් වල බොහෝ පෝෂණය අඩංගු උනත් බොහෝ චීස් වර්ග වල සෝඩියම් සහ මේද සංයුතිය සාමාන්‍ය පුද්ගලයෙකුට උවමනා පමණට වඩා වැඩිය. වෙනත් ආහාර වලින් නිසි පෝෂණය ලැබෙන්නේ නම් චීස් යනු අත්‍යවශ්‍ය ආහාරයක්  නොවේ.

* බටර්

බටර් වල මේදය අධිකව ඇති හෙයින්, ප්‍රවේශමෙන් භාවිතා කල යුතුය.

* ක්‍රීම්

අතුරුපස සහ ඇතැම් බටහිර පන්නයේ ආහාර සඳහා භාවිතා වන ක්‍රීම් වලද මේදය අධිකව ඇති හෙයින්, ඒවාද ප්‍රවේශමෙන් භාවිතා කල යුතුය.

* යෝගට්

යෝගට් ආහාරයට ගන්නා විට සීනි රහිත, අඩු මේදය ඇති ඒවා තෝරා ගත හැක.  මෙම නිෂ්පාදන වල ප්‍රෝටීන්, කැල්සියම් සහ අනිකුත් විටමින් සහ ඛනිජ ලවණ වන විටමින් B සහ මැග්නීසියම් අඩංගු වී ඇත.

* සාරාංශය

ඉතින් යම් කෙනෙකු කිරි නිෂ්පාදන අනුභවයට අකැමැත්තක් නැතිනම් හෝ කිරි නිෂ්පාදන වලට අසාත්මිකතාවයක් නැති නම්, කිරි සහ කිරි වලින් නිෂ්පාදිත ආහාර මගින් ඉතා පහසුවෙන් විවිධ පෝෂ්‍යපදාර්ථ බොහොමයක් ලබා ගත හැක. නමුත් ඔබේ එදිනෙදා ක්‍රියාකාරී මට්ටමට ගැලපෙන ලෙස පමණක් කිරි සහ කිරි නිෂ්පාදන ආහාරයට එක් කර ගැනීමෙන් අධික ස්ථුලතාවෙන් ඈත්විය හැක.

 

Verified by: Dr. Mrs Jayathri Wijayarathne

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!