මාස 4ත් 6ත් අතර (සති 12 – 18 දක්වා ) කල යුතු දේවල්

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

9134 times
1. පසු ප්රසව නිවාඩු ලබා ගැනීම සැලසුම් කරන්න.

ඔබගේ ආයතනයේ පවතින රෙගුලාසි අනුව දරුවා බිහි කිරීමෙන් අනතුරුව ඔබට යම් මාස ගණනක් නිවාඩු ගැනීමට අවස්තාව සැලසෙනු ඇත. දැන්ම පටන් ඒ ගැන දන ගන්න.

සමහර ආයතන වල ඔබ නිවාඩු ගියොත් වැඩ කටයුතු අදාළ වෙන්න පුළුවන්. එනිසා, ඔබේ පරිපාලකයන් සමග කතා කර එයට සුදුසු පිළියම් යොදන්න.

2. වෛද්ය වරයා මුණ ගැසීම
මෙම කාලයේදී මසකට වරක් වත් ඔබ වෛද්ය වරයා මුණ ගැසීම ඉතා සුදුසුය. එහිදී ඔබේ රුධිර පීඩනය, බර සහ මුත්රා පරීක්ෂණ සිදු කරණු ඇත. ඒ අතර දරුවාගේ හදවත කම්පනය වන හඬට සවන් දීමද සිදුවේ. මෙම සමයේදී ඔබට ඇති සියලු ගැටළු වෛද්ය වරයා/වෛද්ය වරිය ගෙන් අසා පැහැදිලි කර ගැනීම යහපත්ය. නැතිනම් අවසාන හෝරාවේ ඔබ විවිධ දේ සොයන්නට ගොස් අපහසු තාවයට පත් වියේ හැක.

3. පවුලේ අය දැනුවත්ව තබන්න
අපේ සංස්කෘතිය අනුව බොහෝ විට දරුවකු බිහි කරන විට ඔබෙත් ඔබේ ස්වමිපුරුශයගේත් පවුලේ අය ඔබට උදවු කරනු ඇත. එනිසා ඔබ මුහුණ පාන තත්වයන් ගැන ඔබට ලෙන්ගතු නෑදෑයන්ට දැනුවත් කර තබන්න.

4. සති 18 පමණ උල්ට්රා සවුන්ඩ් පරීක්ෂාව (Ultra Sound Scan)
අපගේ වීඩියෝව මගින්ද ඔබ උගත ආකාරයට මෙමෙ කාලයේදීද අල්ට්රා සවුන්ඩ් ස්කෑන් කිරීම ඉතා ප්රයෝජනවත් වෙයි. මෙහිදී ඔබේ දරුවාගේ හද ගැස්ම, දරුවා ස්ථානගත වී ඇති ආකාරය, දරුවාගේ දැඟලීම, amniotic තරල මට්ටම, සංකූලතා සහ ස්ත්රී පුරුෂ භාවය ඇතුළු බොහෝ තොරතුරු දැනගත හැක.

5. දරුවාගේ චාලනයන් ඔබට දැනෙනු ඇත
සති 16 පසු වන විට ඔබට ඉතා සුළු චාලනයන් දැනෙනු ඇත. සමහර විට චාලනයන් ඉතාම සුළු මට්ටමේ නම් ඔබට නොදනේවි. සැකයක් තිබෙනවානම් වෛද්ය උපදෙස් පතන්න. මුල් කාලයේදී දරුවා නිතර නිතර චාලනය වන්නේත් නැහැ.

……………..

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
……………..

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!