වයස 35 ට වැඩි කාලයේ ප්‍රථම වරට ගැබ් ගැනීම

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් කාන්තාවන් වයස 30 පමණ වන විට විවාහ වෙනවා. එහෙත් රැකියාව, වෘත්තීය ජීවිතය හා වෙනත් කාරණා නිසා සමහර විට ඔබ විවා පත් වන වයස 35 ට ආසන්න වීම දුර්ලභ කාරණයක් නොවෙයි.

වයස 35න් පසු ගැබ් ගැනීම් වලට මුල්වන හේතු

ඔබ නිසි කලට විවාහ වුනත් සමහර විට පලමු දරුවා බිහි කිරීම ප්‍රමාද වීමට ද පුලුවන්. සමහර විට ඔබ විවිධ කාරණා නිසා පලමු වරට ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට තීරණය කරන අතර සමහර විට ඔබ මඳ සරු බව නිසා ගැබ් ගැනීමට අපොහොසත් වෙනවා. වයස 30 දී විවාහ වී ඔබට 3 වන දරුවා ලැබෙන විට බොහෝ විට වයස 35 ට වැඩියි. එය සාමාන්‍ය සිද්ධියක්. මේ සටහනෙන් අවධානය යොමු කරන්නේ 35 ට වැඩි වයසක දී මුල් වරට ගැබ් ගැනීම ගැනයි.

විශේෂ අභියෝග

35 කට වැඩි වයසක දී ගැබ් ගැනීමේ දී ඔබට විශේෂ අභියෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. සමහර විට ඔබට වයස සමඟ ගැබ් ගැනීම අපහසු විය හැකියි. Polycystic ovarian syndrome, දියවැඩියාව හා අධික රුධිර පීඩනය වැනි රෝග තත්වයන් මැදි වයසේ දී මතු වී ඒම සුලභයි. මේ රෝග තත්වයන් වයසත් සමඟ සුලභ වීම නිසා ඔබට ගර්භණී කාලයේ සංකූලතා ඇති වීමේ අවදානමක් තිබෙනවා.

ගර්භණී සමයේ තදින් පාලනය කල යුතු ආහාර (ලිපිය කියවීමට ක්ලික් කරන්න)
පවුලේ සාමාජිකයන්ට පියුරු පිලිකා හෝ ගැබ් ගෙල පිලිකා තිබේනම් වයස 35 න් පසු එම තත්වයන් ඔබටත් තිබේදැයි පරීක්ෂණ කිරීම අත්‍යවශ්‍යයි. මෙම පිලිකා ඇතිවීමේ අවදානම වයස 35 න් පසු තීව්‍ර ව වැඩි වෙනවා.

පලමු දරුවා ලැබීමට වයස 35 ඉක්මවීම මඳ සරු බව නිසාත් සිදු විය හැකියි. ඔබ වසරකට වඩා කාලයක් උත්සාහ කලත් ගැබ් ගැනීමට අපොහොසත් නම් මඳ සරු බව සම්බන්ධව පරීක්ෂණ කල යුතුයි. වයස 35 ට වැඩි විට ගර්භණී වුව ද ගබ්සා වීම, නියමිත දිනට කලින් දරුවා ඉපදීම, කුස තුල වර්ධනය අඩාල වීම, ගර්භණී කල දියවැඩියාව හා අධික රුධිර පීඩනය වැනි සංකූලතා ඇති විය හැකියි.

අවදානම අවම කර ගැනීමට නම්

ගර්භණී සමයේ අනිවාර්යෙන් කල යුතු පරීක්ෂා (ලිපිය කියවීමට ක්ලික් කරන්න)

ඔබට වයස 35 ට වඩා වැඩි නම්, පලමු ගැබ් ගැනීමේ දී පමණක් නොව දෙවැනි තුන්වැනි ගැබ් ගැනීම් වලදීත් ඒ ගැන විශේෂ අවධානයෙන් සිටීම සුදුසුයි. පලමු වරට ගැබ් ගන්නා ඔබ ඒ පිලිබඳ ව ක්‍රියා කිරීම ඉතාමත් වැදගත්. ගැබ් ගැනීමට පෙර ඔබට MMR එන්නත දී ඇත්දැයි පිරික්සා බලන්න. එසේ ලබා ගෙන නැත්නම් එය ලබා ගැනීම වැදගත්. එහෙත් එය ලබා ගත් පසු මාස 3 ක් යන තුරු ගැබ් ගැනීම නොසුදුසුයි.

වෛද්‍ය උපදෙස් ලබා ගන්න

ඔබේ කුස තුල සිටින දරුවාට භයානක ලෙස බලපෑ හැකි ආසාදන (ලිපිය කියවීමට ක්ලික් කරන්න)

ඔබේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගැනීම නිරෝගී ගර්භණී භාවයකට හේතු වෙනවා. එහිදී ඔබට නොයෙක් රුධිර පරීක්ෂණ ස්කෑන් පරීක්ෂණ කරනු ඇති. ඔබට ඇති ගැටළු අනුව ඔබව වෙනත් වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට ද හැකියි. ඔබ ගැබ් ගැනීමට මාස තුනක පමණ සිට විටමින්, යකඩ හා කැල්සියම් පෙති ගත යුතුයි.

ගැබ් ගෙන සති 6ක් පමණ යන විට විශේෂඥ වෛදයවරයෙකු වෙත ගොස් පූර්ව ප්‍රසව සායන වලට සහභාගි වීම ඉතා වැදගත්. එම සායන වලදී ඔබව නිතර ස්කෑන් පරීක්ෂණවලට ලක් කෙරෙනු ඇති. ඔබට මුලු ගර්භණී සමය පුරාම දැඩි අවධානයකින් අවශ්‍ය ප්‍රතිකාර කෙරෙනු ඇති. ඔබගේ රුධිර හෝ ස්කෑන් පරීක්ෂණවල යම් වරදක් ඇත්නම් ඔබට රෝහල් ගතවී ප්‍රතිකාර ලැබීමට සිදු විය හැකියි. ගර්භණී සමයේ දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි තත්වයන් සඳහා විශේෂ ප්‍රතිකාර විධි තිබෙන නිසා බිය විය යුතු නැහැ. කිසිදු ගැටලුවක් ඇති නොවුනහොත් සාමාන්‍ය දරු උපතකටත්, අවශ්‍ය නම් සිසේරියන් සැත්කමකටත් යා හැකියි.

දරු උපතෙන් පසුව ඔබට දිය වැඩියාව වැනී රෝග තත්වයන් ඇති වීමේ අවදානම වැඩියි. එනිසා වෛද්‍ය උපදෙස් පිලිපැදීම ඉතාමත් ම වැදගත් වෙනවා.

…….

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!
18661 times

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!