ගර්භණී සමයේ සුලභ විවිධ සුළු වේදනා අඩු කර ගැනීම

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

වෛද්‍යවරුන් බොහෝවේලාවට වඩාත් සැලකිලිමත් වන්නේ ප්‍රධාන ප්‍රසව වේදනාවන් ගැන පමණි. එය එක් අතකින් සාධාරණී කරණය කල හැක. නමුත් බොහොමයක් මව්වරුන් බොහෝවිට පීඩා විඳිනුයේ ගර්භණි සමයේ ඇතිවන සුළු සුළු කැක්කුම් සහ අමාරුකම් වලිනි. මෙම සමයේ ඇතිවන සුළු අසහනකාරී තත්ත්වයන් වුවද සුළු කොට තැකිය යුතු ඒවා නොවේ.

මෙම තත්වයන් පිළිබඳව දැනුවත් වී සිටීම ගර්භණී සමයේදී ඔබට ඉතා වැදගත්ය.

කොන්ද කැක්කුම

ශරීරය සෘජුව පවත්වාගැනීම සඳහා කොඳු ඇට පෙලට මාංශ පේෂිවල සහය අත්‍යාවෂ්‍යය. එහිදී උදරය අවට මාංශ පේෂි විශේෂ කාර්ය භාරයක් ඉටු කරයි. ගර්භණී භාවයේ සති ගණන වැඩි වෙත්ම මෙම පේෂි තරමක් ඉහිල් වේ. එහිදී කොඳු ඇට පෙළ වක්වීමට ගන්නා අතර පිටුපස කොන්දේ පේෂි වලටද මෙම පීඩනය ගලායයි. මෙම තත්වය කොන්දේ අමාරුව ඇතිවීමට හේතු වේ.

ගර්භණී භාවයට පැමිණීමට ප්‍රථම හොඳ ශරීරික තත්ත්වයේ සිටියහොත් මෙම තත්වය ඇති නොවීමට හෝ අවම වීමටද පුළුවන්ය. කෙසේ නමුත් කොන්ද ප්‍රදේශයට වෛද්‍ය උපදෙස් අනුව ආධාරක කොට්ටයක් තබා ගැනීම, වම් ඇලයට නිදාගැනීම, කොන්ද කෙලින් කරගෙන ඉඳගෙන සිටීම හා සරල වේදනා නාශක ලබාගැනීම මගින් මෙම අපහසුතා අවම කර ගත හැක.

බර වැඩිවීම

ගර්භණි සමයේදී කාන්තාවන්ගේ සිරුරේ බර වැඩි වීම සුලබ කරුණකි. එය සිදුවන්නේ ඔබගේ සිරුර වෙනදාට වඩා සිරුර තුල ජලය රඳවා ගැනීමට උත්සහ කරන නිසයි. වැඩි වෙලාවක් සිටගෙන සිටියහොත් ඔබගේ කකුල් ඉදිමීමට ඉඩ ඇත. නිතර ඇවිදීම මෙම තත්වයෙන් මිදීමට මගකි. පටක අතර දියරයන් (තරල) අඩු කරන බෙහත් වර්ග ගැනීම නොකළ යුත්තකි.

මල බද්ධය

ගැබ් ගැනීමක් සිදුවී ඇති සමයේ හෝමෝන වල ක්‍රියාකාරිත්වය සෑම ඉන්ද්‍රියක් කෙරෙහිම වාගේ බලපායි. ගර්භණි භාවයේ මුල් කාලයේ ප්‍රොජෙස්ටෙරෝන් මට්ටම ඉහල යාම නිසා කෙළ ගැලීම ඉහළ යෑමත්, ඔක්කාරයට පැමිණීමත් ආහාර මාර්ගයට අවශ්‍ය රුධිර ගමනාගමනය අඩුවීමත් සිදු වේ. මෙය මල බද්ධය ඇතිකරලීමට හීතුසාදක වේ. මෙම තත්වය මගහරවා ගැනීමට හොඳින් ජලය පානය කල යුතු අතර තන්තු සහිත ආහාර වැඩි වැඩියෙන් ලබා ගත යුතුය. (උදා: නිවුඩු සහල්, කවුපි, අඹ, පළා වර්ග ආදිය)

පපුවේ දැවිල්ල

මෙම කාලයේදී, උග්‍ර අමාශයේ දැවිල්ල, පපුව මැද හා ආසන්නයේ දැවිල්ල වැනි තත්වය, වමනය හා ඔක්කාරය ආදිය ඇතිවේ. මෙහිදී විශාල වී ඇති ගර්භාෂය විසින් අමාශය මත පීඩනයක් ඇතිවී එහි පිහිටීම වෙනස් කරයි. එවිට අමාශයේ ඇති ආහාර ආමාශයෙන් ඉහලට මෙන්ම පහලටද ගමන් කිරීමට හැකියාවක් ඇත. තේ, කෝපි, චොකලට්, මේදය සහිත ආහාර ගැනීම මෙම රෝගී ලක්ෂණ තත්වය වැඩි කරලීමට හේතු කාරක වේ. පිටුපසට කොට්ට තබා නිදා ගැනීම, මේද සහිතා ආහාර අඩුවෙන් ගැනීම, ප්‍රති අම්ල ආහාර ගැනීම තුලින් පපුවේ දහනය අඩුකර ගැනීමට හැකියාව ඇත. (දවසට වරක් පමණ ඉඟුරු තේ එකක්, යෝගට්, කෙසෙල් ගෙඩියක් ආදිය සුදුසු වේ)

උදරයේ ඇතිවන ඇදීම් ලකුණු

සෑම ගර්භණී තත්වයේ සිටිනා කාන්තාවකගේම උදරයේ සමෙහි ඇදීම් ලකුණු දැක ගත හැකිය. ඔබගේ නෙරිය පහලින් හා මැද්දට වන්නට සිට ලිංගාශ්‍රිත පෙදෙස දක්වා වන ඇදීම් ලකුණු Linea Nigra ලෙස හැඳින් වේ. උදරයේ ඇදීම් නිසා බොහෝ කාන්තාවන්ගේ ඇලපත් ප්‍රදේශයේද ඇදීම් සලකුණු ඇතිවේ. එමෙන්ම පියයුරු වල රක්ත ඉරි ඇති වීමද සුලබ තත්ත්ව වේ. මෙම සලකුණු දරුවා බිහි කිරීමෙන් පසුව ඔබේම අඩුවී යයි. ඇතැම් අය මේ සඳහා ආලේපන වර්ග භාවිතා කරති.

නහර ගැට ගැසීම

මේවා සමට ආසන්නයේ පවතින නහර වල බිත්තිය ලිහිල් වීමෙන් ඉදිමුන බවක් පෙන්වන අවස්ථා වේ. මෙය වඩාත් බහුල වනුයේ පාදයෙයි. විශාලවන ගර්භාශය මගින් අධර මහා ශිරාව මත පීඩනයක් ඇති කරයි. මෙම තත්වය කකුලේ නහර වල ඉදිමීමට හේතුවේ. දරුවා බිහිකිරීමත් සමග මෙම තත්ත්වය පහව යන අතර එසේ නොවුනහොත් ශල්‍යකර්ම දක්වා යාමට සිදුවීමටද පුළුවන. පාදයේ ඇතිවන කැක්කුම් ගර්භණී භාවයේ අවසන් කාලයේදී ශරීරය කිලෝග්‍රෑම් කිහිපයක් වැඩිපුර රඳවාගෙන සිටියි. එම වැඩිපුර බරද උසුලාගෙන සිටින පාදයන් විඩාවට හා වේදනාවට පත්වේ .පෙර සඳහන් කල පරිදි ගැබ්ගැනීමට ප්‍රථම හොඳ ශරීර සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාම මගින් මෙම තත්වයට පෙර සූදානම් විය හැක. වේදනා නාශක ලබාගැනීම මගින් වේදනාව මැඩපවත්වා ගත හැක.

Original Article: http://mathru.lk/pregnancy/184-common-minor-ailments-during-pregnancy.html

By: Dr T. M. S. Sameera B. Madugalle MBBS (COL)

Sinhala Translation Reviewed by: Dr. Ravi Liyanaarachchi MBBS

……………..

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!