ගර්භණී සමයේ තදින් පාලනය කල යුතු ආහාර

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

ගර්භනී ඔබ ඔබේ ආහාර පුරුදු පිළිබද වැඩ සැලකිලිමත් විය යුතු වේ. එය ඔබේ දරුවට මෙන්ම ඔබට ද බලපෑම් ඇති කරයි. සමහර මවුවරුන් මෙමෙ කාලයේදී සිතන්නේ දෙදෙනෙකුට ආහාර ගත යුතු බවයි. දෙදෙනෙකු වෙනුවෙන් ආහාර ගැනීම යනු වැඩිපුර ආහාර ගැනීම නොවේ. ඔබ සහ ඔබේ දරුවා වෙනුවෙන් “නිවැරදි ආහාර” වේලක් ලබා ගත යුතු වේ. ඒ සදහා ඔබට මෙම ලිපිය ප්‍රයෝජනවත් වනු ඇත.

* මේද පරිභෝජනය පාලනය

මේදය තුල කැලරි බහුල වේ. කැලරි යනු ශක්තිය මනින ඒකකයකි. එනිසා ඔබ ශක්ති ජනක ආහාර වැඩිපුර ගන්නා විට ශරීරයට කැලරි වැඩිපුර ඇතුල් වේ යයි අපි කියමු. මෙම ශක්තිජනක ආහාර පමණට වඩා ගත විට ශරීරයේ එදිනෙදා කටයුතු සඳහා එය භාවිතා නොවේ නම් එම ශක්තිය මේද බවට පත්ව ශරීරයේ ගබඩා කරයි. මෙය ස්වභාවික ක්‍රියාවලියකි. එසේම ඔබ මේද අධික ආහාර ගන්නා විට ලැබෙන අධික කැලරි ප්‍රමාණයද එසේම මේදමය ආකාරයෙන් ශරීරයේ ගබඩා වේ.

ගර්භණී සමයේ අනිවාර්යෙන් කල යුතු පරීක්ෂා (ලිපිය කියවීමට ක්ලික් කරන්න)

එය ඔබව ස්ථුල (මහත) කරවයි බොහෝවිට සංතෘප්ත මේදය ලබා ගැනීම රුධිරය තුල මේද ප්‍රමාණය ඉහල දමයි. එය හෘද රෝග ඇති වීමට හේතු වේ. සංතෘප්ත මේද භාවිතය අඩු කර අසංතෘප්ත මේදය භාවිතා කරන්න.

මේදය අධික ආහාර ලෙස බටර්, තෙල්, ක්‍රීම්, චොක්ලට්, බදින ලද අල, බිස්කට්, අයිස් ක්‍රීම්, පුඩිම්, කේක් වැනි දෑ දැක්විය හැක. මෙම ආහාර ඉතා සුළු ප්‍රමාන වලින් පරිහරණය කරන්න. නමුත් ඔබේ ශරීරයේ BMI දර්ශකය අයහපත් අගයක තිබේ නම් අත්‍යවශ්‍ය මේද ආහාර පමණක් භාවිතා කර බදින ලද අල, බිස්කට්, අයිස් ක්‍රීම්, පුඩිම්, කේක් වැනි දෑ භාවිතය අත හරින්න. දිගු කාලීන මහත් සැපයක් වෙනුවෙන් කෙටිකාලීන සුළු සැපයක් ඇත හැරීමට පසුබට වන්න එපා. නැතිනම් ඔබට පසුතැවිලි වෙන්නට සිදුවේ.

නමුත් මතක තබා ගන්න ශරීරයේ එදිනෙදා පැවැත්ම සඳහා හිතකර මේද අවශ්‍යයි. එළවලු තෙල්, සන්ෆ්ලවර් තෙල්, ඔලිව් තෙල් ආදිය සුළු වශයෙන් යොදා ඔබට රසවත් ආහාර යන්න පුළුවන්. අන්තර් ජාලයේ මෙයට කෑම වට්ටෝරු විශාල ප්‍රමාණයක් ඇත.

* සීනි සහිත ආහාර

අධික සීනි භාවිතය නිසා දියවැඩියාව වැළඳෙන බව අපි අනෙක් ලිපි වලත් කතා කලා ඔබට මතක ඇති. දියවැඩියාව නිසා ඔබේ උපදින්නට ඉන්න දරුවාටත් ඔබටත් විවිධ අවදානම් තත්ත්වයන් ඇති කරයි. බොහෝ සිනි ලබා ගැනීම සුදුසු නොවේ.

අධික රුධිර පීඩනය සමග මුත්‍ර වල ප්‍රෝටීන් තිබීම “ප්‍රි-එක්ලැම්ප්සියා” තත්ත්වය (ලිපිය කියවීමට ක්ලික් කරන්න)

සිනි සහිත ආහාර සහ සිනි සහිත පානයන් ඉතා අඩු පෝෂණයක් සහ කැලරි ඉතා වැඩි ප්‍රමාණයක් ලබා දේ. මෙය බර වැඩි වීමට ස්ථුල බවට මෙන්ම දත් දිරා යාමටද හේතු වේ. හැකි පමණ සීනි දැමු ආහාර පාන අඩුවෙන් ගන්න. ඒ වෙනුවට ස්වභාවිකව පැණි රස ආහාර “අවශ්‍ය ප්‍රමාණයට පමණක්” ගන්න. හොඳ දෙයක් උනත් පමණට වඩා ගැනීම හොඳ නැත! (උදාහරණ: පලතුරු, කිතුල්පැණි, කිතුල් හකුරු අවශ්‍ය ප්‍රමාණයට පමණක් ගන්න)

* කැෆේන්

කෝපි සහ තේ ඇතුළුව කැෆේන් සහිත ආහාර ලබා ගැනීම සිමා කල යුතු වේ. ඔබට අවශ්‍ය නම් කෝපි වෙනුවට ග්‍රීන් ටි හෝ ඉගුරු සහිත තේ පානය කල හැක. නමුත් තේ බීමද කල යුත්තේ දවසකට වරක් දෙවරක් පමණි. ඊට අමතරව “නිවසේ සැදූ/fresh juice” පළතුරු බීම එකක් බීමට උත්සහ කරන්න. බෝතල්, කෑන්, ඇසුරුම් කල පලතුරු බීම බොන්නට පෙර 100% පලතුරු දැයි කියවා බලන්න. වැඩිපුර කැෆේන් භාවිතය ගබ්සා වීම් සදහා හේතු විය හැක. කාබන් ඩයොක්සයිඩ් යෙදු (බුබුළු නගින), පැණි බීම වර්ග භාවිතයේදී එහි කැෆෙන් ඇතිදැයි සොයා බලන්න.

* කකුළුවා සහ ලොකු මාළු

කකුළුවන්, බෙල්ලන්, තලපත්, මෝරු, කුම්බලාවා වැනි ලොකු මාළු වල අනෙක් සාමාන්‍ය මාළුන්ට වැඩ අධික රසදිය ප්‍රමාණයක් අන්තර්ගත වේ. ඒ මගින් දරුවාගේ මොලය මෙන්ම ස්නායු පද්ධතියේ වර්ධනය අදාල කරවයි. හැකි පමණ ඔබේ ආහාරය කුඩා මාළු වලට සීමා කරන්න.

ඔබේ කුස තුල සිටින දරුවාට භයානක ලෙස බලපෑ හැකි ආසාදන (ලිපිය කියවීමට ක්ලික් කරන්න)

එමෙන්ම මස් මාළු අඩුවෙන් ආහාරයට ගත්තත් ඔබට එම පෝෂණය ලබා ගත හැකි එළවලු වර්ග තිබේ (නමුත් ප්‍රතිශතය කුඩා විය හැකි නිසා එම ආදේශක එළවළු වැඩියෙන් ආහාරයට ගත යුතු විය හැක.)

* සකස් කරන ලද මස් වර්ග

සියලු සකස් කල ආහාර වලින් මිදී සිටීමට ඔබ අධිෂ්ටාන කර ගත්තද කම් නැත! මන්ද බොහෝ සකස් කල ආහාර කෘතීම රසකාරක, කල්තබා ගැනීමේ කාරක ආදිය යොදන නිසා! එම රසායනික අනුමත ඒවා වුවද, ඔබ දන්නවාද හිතකර හෝ අහිතකර මාත්‍රාව? නැත. නමුත් ඔබේ පරිසරයෙන් සොයාගෙන ගෙදරදී පිළියල කලේ නම් ඔබ 100% දන්නවා ඔබ මුසු කල හෝ නොකළ දේවල්. මීට් බෝල්ස්, සොසේජස් වැනි කල් තබා ගන්නා සකස් කරන ලද මස් වර්ග භාවිතය අවම කල යුතු වේ (හැකිනම් ඇත හරින්න, මේවා ශරීරයට අත්‍යවශ්‍ය ආහාර නොවේ). ඒවා කල් තබා ගැනීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය දරුවාගේ වර්ධනය කෙරෙහි මෙන්ම හෝමෝන බලපෑම් ඇති කල හැක.

* නොපිසනලද බිත්තර සහ එළවළු

නොපිසින ලද බිත්තර සහ එළවළු පහසුවෙන් බැක්ටීරියා අසාදන වලට ලක් විය හැක. මෙමගින් මවට විවිධ අසාධන ඇති විය හැකි නිසා නොපිසනලද ආහාර භාවිතයට නොගැනීම සුදුසු වේ.

* පීකුදු

විටමින් A යනු අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක්. නමුත් එය පමණට වැඩ සුදුසු නැහැ. පීකුදු වල විටමින් A ඉතා බහුල වේ. විටමින් A අවශ්‍ය ප්‍රමාණයට වැඩ ශරීර ගත වීම ගැබිණි මවකට නුසුදුසු වේ. එම නිසා ශරීරයට අවශ්‍ය විටමින් ප්‍රමාණය නිසි ලෙස ලබා ගැනීම සුදුසු වේ. පීකුදු වෙනුවට විටමින් A ලබා ගැනීමට ඔබට කැරට්, අඹ සහ තවත් කහ පැහැති එලවලු වර්ග ආහාරයට ගත හැක.

ගර්භණී සමයේ අනිවාර්යෙන් කල යුතු පරීක්ෂා (ලිපිය කියවීමට ක්ලික් කරන්න)
අධික රුධිර පීඩනය සමග මුත්‍ර වල ප්‍රෝටීන් තිබීම “ප්‍රි-එක්ලැම්ප්සියා” තත්ත්වය (ලිපිය කියවීමට ක්ලික් කරන්න)
ඔබේ කුස තුල සිටින දරුවාට භයානක ලෙස බලපෑ හැකි ආසාදන (ලිපිය කියවීමට ක්ලික් කරන්න)

 

 

 

 

 

 

 

……………….

This is a Sinhala Adaptation of “Food to Avoide While Being Pregnant”

මෙය “Food to Avoide While Being Pregnant” ලිපියේ සිංහල අනුවාදයකි

……………….

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

……………….

If you found this article interesting and helpful, please share with your friends too. Just click the “recommend” button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “recommend” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

19159 times

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!