ගර්භණී සමයේදී මීමැස්මොරය/ අපස්මාරය

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

9170 times
කලකට ඉහත දී මීමැස්මොරය රෝගයෙන් පීඩා විඳින මවුවරුන්ට ගැබ් ගැනීම ඉතාම අධෛර්යමත් කල දෙයක් විය. නමුත් අද කාලයේ ඇති දියුණු වෛද්‍ය පහසුකම් නිසා ඔබ අපස්මාරයෙන් පීඩා විඳින්නේ නම් බිය විය යුතු නොවේ. ඔබ එම රෝගයෙන් පීඩා වින්දත් නැතත් ඒ පිලිබඳ දැනුවත් වීම වැදගත්, මන්ද යත්, ඔබේ මිතුරියකට හෝ තවත් කාන්තාවකට එය වැළඳුනොත් කල යුතු දේ දැන ගැනීම ප්‍රයෝජනවත් නිසා…

* මීමැස්මොරය ඇතිවීම ඔබට ගර්භනී භාවයට පත්වීමට තර්ජනයක්ද?
මීමැස්මොරය නිසා මාසික ආර්තවය නිවැරදි චක්‍රය තුල සිදු නොවීමට ඉඩ ඇත. මීට අමතරව Polycystic Ovarian Syndrome තත්ත්වය ඇතිවීම, සංකූලථා ඇතිවීම ආදිය සඳහා ඉඩ කඩ තිබේ. ඒ වගේම මෙමෙ රෝග තත්ත්වයට ප්‍රතිකාර වශයෙන් ලබා දෙන බෙහෙත් වර්ග නිසා අතුරු ආබාධ ඇතිවීම දුර්ලභ නොවේ. එම නිසා ඔබ කල යුත්තේ විවාහ වී දරු පිළිසිඳ ගැනීමක් සැලසුම් කරන විට ඔබේ කායික වෛද්‍ය වරයා හමුවී උපදෙස් පැතීම ඉතා සුදුසුය. එවිට ඔබ ලබා ගන්න බෙහෙත් වර්ග නැවත සලකා බලා සුදුසු වෙනස්කම් නිර්දේශ කරනු ඇත.

* ගර්භණී සමයේදී මීමැස්මොරය ඔබට බලපාන්නේ කෙසේද?
මීමැස්මොරය ඇති මවුවරුන් විවිධ සංකූලථා වලට මුහුණ දීම ඉඩ කඩ වැඩිය.

උදෑසන අපහසුතා වැඩියෙන් දැනෙන අතර එහි අතුරු පල අඩු කර ගැනීමට වැඩිපුර විවේක ගැනීම, කුඩා ප්‍රමාන වලින් ආහාර වේල් කිහිපයක් ගැනීම, ඉඟුරු තේ පානය ආදිය කල හැක.
යෝනි මාර්ගයෙන් රුධිර වහනය විය හැකි අතර ශරීරයේ ලේ අඩු කම පෙන්වයි. ලේ වැඩෙන ආහාර වැඩිපුර ගන්න. (සාඩින්/ සැමන්, කෙලවල්ලෝ මාලු, නිවිති සහ කොළ වර්ග, රතු මෑ ඇට, බ්‍රොකොලි (මල් ගෝවා වර්ගයකි), ආදිය ලේ වැඩීමට උදවු වෙයි)
වැදැමහ ගර්භාෂයෙන් නිසි කලට පෙර ගැලවී යාමට උත්සහ දරයි (රුධිර වහනය වැඩිවීම, දරුවා චලනය නොවීම, අධික වේදනාව ආදිය ඔබට මේ පිලිබඳ අනතුරු හඟවයි)
අඩුමාසයෙන් දරුවා ඉපදීම
සංකූලථා සහිත දරුවන් ඉපදීම
* ගර්භණී සමයේදී මීමස්මොරයේ වෙනසක් වෙයිද?
මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. සමහර මවුවරුන්ට මීමැස්මොරය වැඩිවන අතර එය පාලනය නොකළ මවුවරුන්ට එය වැඩි වීමට ඉඩ ඇත.

* ගතයුතු ක්‍රියාමාර්ග
ඔබ ගන්න බොහෝ බෙහෙත් වර්ග නිසා දරු ගැබට හානී වීමේ ඉඩ කඩ ඇත. එපමණක් නොව ඔබට ඇති මීමස්මොර තත්වය නිසා දරුවාට යම් යම් සංකූලථා, විකෘතිතා ආදිය ඇතිවීමේ අවදානමක්ද ඇත. වෛද්‍ය උපදෙස් ඇතිව ඔබට හැකියාවක් තිබේ නම් ක්‍රමක්‍රමයෙන් බෙහෙත් ප්‍රමානය අඩු කිරීමට උත්සහ කරන්න. කායික රෝග වෛද්‍යවරයා ඇතැම් විට ඔබව ස්නායු රෝග විශේශඥ වරයකු වෙත යොමු කරනු ඇත. ඔබ එම උපදෙස් අකුරටම පිළිපදින්න. විශේෂයෙන් හිතු මතේට බෙහෙත් ගැනීම වලක්වන්න එපා.

* එදිනෙදා ජීවිතයේදී පහත දැක්වෙන කරුණු පිළිපැදීම සුදුසුය:
පෝෂණය සපිරි ආහාර වේලක් ලබා ගැනීම
වෛද්‍ය උපදෙස් අනුව විටමින් ලබාගැනීම
මානසික ආතතියෙන් (stress) ඈත්වී සිටීම
නිසි පරිදි නිදා ගැනීම (අවම වශයෙන් පැය 7ක්)
දුම්පානය, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම සහ අක්‍රීය දුම්පානය (දුම්බොන ය පිට කරන වායුව ඔබ විසින් ආශ්වාස කිරීම) ආදියෙන් වැලකීම
කැෆෙන් පාලනය (උදා: කෝපි, තේ (නමුත් තේ වල ඇත්තේ කෝපිවල ඇති ප්‍රමාණයෙන් භාගයකි), කොලා බීම වර්ග, ක්ෂණික ශක්තිය ගෙන දෙන බීම)
කෘමිනාශක, වල්නාශක, ප්‍රබල විෂබීජ නාශක, පිරිසිදුකාරක ආදියෙන් ඈත්වී සිටීම සහ කෘමි/වල් නාශක යෙදු ආහාර භාවිතයෙන් වැලකීම
……..

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!