මැණික් කටුව ආශ්‍රිත හිරිවැටීමේ සහලක්ෂණය

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

ඔබ දැන් ගැබිණි මවක් .ඒ කියන්නෙ ඔබේ සිරුරේ වෙනස්කම් රාශියක් ඔබ නොදැනුවත්වම ඇතිවෙලා. මේවා අතර අතපය කැක්කුම්, ඇඟට මහන්සි ගතිය, කොන්දේ කැක්කුම වගෙ දේවල් බොහොමයි. ඒ අතර අත්ල හිරිවැටීම ගොඩාක් මව්වරු අත්විඳින කාරණයක්. ඇත්තටම මොකක්ද මේ අත්ල/අල්ල හිරිවැටීම කියන්නේ….?

වෛද්‍ය විද්‍යාත්මකව මෙය හදුන්වනේ “මැණික්කටුව ආශ්‍රිත හිරිවැටීමේ සහලක්ෂණය” නැත්නම් “Carpal Tunnel Syndrome” ලෙසයි. මෙහිදී ඔබට දැනෙන ප්‍රධානම ලක්ෂණ වන්නේ අත්ල ආශ්‍රිතව දැනෙන කටු අනිනවාක් බඳු වේදනාව,සංවේදීබව අඩුගතිය හා හිරිවැටීමයි.

මේ ලක්ෂණ බොහෝවිට මහපට ඇඟිල්ල, දබරැඟිල්ල හා මැදගිල්ලට සීමාවෙනවා.මේ රෝග ලක්ෂණ රාත්‍රී කාලයට උග්‍ර වන බවක් දැකිය හැකි අතර එවිට අත එල්ලා වැටෙන පරිදි තබාගැනීමෙන් වේදනාව මඟහැරෙන බවක් දැනේ. සමහරෙකුට මෙය එක පසෙක පමණක් දැනිය හැකි අතර සමහරෙකුට මෙය අත් දෙකේම දැනේ. එසේම පොල් මිරිකිමේදී , රෙදි මිරිකීමේදී, බෑග් මළු රැගෙන යාමේදී එකවරම අත පණ නැතිවන්නක් මෙන් දැනිය හැකියි.

* මොකක්ද මේකට හේතුව …?

වයස 35 ට වැඩි කාලයේ ප්‍රථම වරට ගැබ් ගැනීම (ලිපිය කියවීමට ක්ලික් කරන්න)

ඔබේ අත්ල ආශ්‍රිත ප්‍රදේශයට ස්නායු සැපයුම ලබා දෙන්නේ ප්‍රධාන ස්නායු 3කින්. ඒ රේඩියල් ස්නායුව (Radial Nerve), මධ්‍ය ස්නායුව (Median Nerve), අල්නා ස්නායුව (Ulnar Nerve). මින් මධ්‍ය ස්නායුව ප්‍රධාන ලෙස මහපට ඇඟිල්ල, දබරැඟිල්ල හා මැදගිල්ල ප්‍රදේශය හා අත්ලේ මාංශ පේශී (Thenar Eminence) කිහිපයකට ස්නායු සැපයුම ලබා දෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මැණික් කටුව අසලදී මෙම ස්නායුව අස්ථි වලින් වටවුණු කුඩා විවරයක් තුලින් ගමන් කිරීමයි. ස්නායුවට අමතරව තවත් බොහොමයක් පේශී ඛණ්ඩරාද මේ තුලින් ගමන් කරයි. මේවා එකිනෙක තෙරපිම නිසා මධ්‍ය ස්නායුව තද වුන අවස්ථා වල ඉහත රෝග ලක්ෂණ මතු වෙයි.

* ගැබිණි අපිට විතරද….?

ගර්භණී සමයේ තදින් පාලනය කල යුතු ආහාර (ලිපිය කියවීමට ක්ලික් කරන්න)

ගැබිණි බව මෙම රෝගයට තවත් එක හේතුවක් විතරයි. ගැබිණි බව සමග ඔබේ සිරුරේ හෝර්මෝන වෙනස් වීම නිසා සිරුරේ වතුර මට්ටම ඉහල යනවා.ඒ සමග ඔබ ඉදිමෙනවා වැනි තත්වයක් ඇති වෙනවා. මෙ නිසා ඉහත කියූ අස්ථි විවරය තුල මෙම ස්නායුවද අනෙක් කොටස් සමග තෙරපීමට ලක් වෙන නිසා ඔබට ගැබිණි ඔබට මෙය සුලබව වැළදෙන තත්වයක් වෙනවා. මීට අමතරව තයිරොයිඩ් හෝර්මෝනය අඩු වීම, දියවැඩියාව, අධික තරබාරු බව, සන්ධි ප්‍රදාහයන් (Arthritis), මැණික් කටුව ආශ්‍රිත අස්ථි බිදීම්, සමහර ඖෂධ වැනි කාරණා රාශියක් මීට හේතු වෙනවා.

* මෙම රෝගය හරියටම තහවුරු කරගන්නේ කොහොමද….?

ගර්භණී සමයේ අනිවාර්යෙන් කල යුතු පරීක්ෂා (ලිපිය කියවීමට ක්ලික් කරන්න)

පැහැදිලි රෝග ඉතිහාසය, දෑත පරීක්ෂා කර බැලීමත් රෝග ලක්ෂණ පිරික්සා බැලීමත් මීට ප්‍රමාණවත්. නමුත් මෙය තහවුරු කර ගැනිමට ස්නායු සම්ප්‍රේෂණය පිළිබද පරීක්ෂණය (Nerve Conduction Study) සිදු කලයුතුයි. මින් ස්නායුව තෙරපිම කෙතරම් උග්‍ර දැයි මැනගත හැකි වෙනවා. මීට අමතරව මැණික් කටුව ආශ්‍රිත ප්‍රදේශය ස්කෑන් පරීක්ෂණයට (ගැබිණි ඔබ X- ray පරීක්ෂණයට භාජනය නොකරන නිසා) ලක් කිරීමද උපකාරී වේ.

* මෙය සුවකරගන්න පුලුවන්ද…..?

බොහෝවිට දරු ප්‍රසුතියෙන් ටික කලකට පසු මෙම ලක්ෂණ නිට්ටාවට සුව විමක් දැකිය හැකියි. නමුත් ගර්භනී කාලය තුල ඔබේ එදිනෙදා වැඩකටයුතු වලට බාධා වනවානම්, අත පණ නැතිවීම වැනි ලක්ෂණ නිතර නිතර ඇති වනවා නම්, අතේ මස්පිඩු වැහැරුන බව නිරීක්ෂණය කල හැකි නම් මීට ප්‍රතිකාර ගැනීම අවශ්‍ය වෙනවා. මැණික් කටුව ආශ්‍රිත පෙදෙස වෙළුමක් යෙදිම සුලබව භාවිතා වන ගැබිණි ඔබට සුදුසුම ක්‍රමයයි. මේ සදහාම නිපද වූ වෙළුම් (Wrist Splint) ඔබට වෙළදපලෙන් මිලදී ගත හැකියි. නමුත් ඊට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. මෙය දවසේ වැඩි කාලයක් පැළද සිටීමෙන් වේදනාව අඩු කර ගත හැක. නමුත් ඔබට රෝග ලක්ෂණ දරුණු අන්දමින් පවතී නම් වෛද්‍ය උපදෙස් මත ශල්‍යකර්මයකට භාජනය වීම වඩා සුදුසුයි. මෙය හිරිවට්ටා කරන සැත්කමක් වන අතර ඔබට එදිනම රෝහලෙන් පිටව යා හැකි වනවා. නමුත් ශල්‍යකර්මයට භාජනය වූ අතට සති 2ක් පමණ වෙළුමක් යොදා සිටිය යුතු වෙයි. එසේම ශල්‍යකර්මයට පසු අතට ව්‍යායාම කල යුතුද වනවා.මින් ඉතිරි වන්නේ 2-3cm කැළලක් පමණයි.

* මෙම රෝගී තත්වය වලක්වා ගත හැකිද…..?

ගැබිණි සමයේ ඇති වන වෙනස්කම් නිසා මෙම තත්වය ඇති වන බව අපි ඔබට මීට පෙර පැවසුවා. ඉතින් ඒ නිසා ගැබිණි සමයේ මෙය වලක්වා ගැනීම 100% පහසු නැහැ. නමුත් ඔබ නිතරම මැණික් කටුව ආශ්‍රිත චලනයන වලින් යුතු කාර්යක(උදා: ටයිප් කිරීම,නිතර ලිවීම) නිරත වේ නම් ඉන් මදක් ඈත්වී සිටීමෙන් වේදනාව අඩු කර ගත හැකියි. සරල ව්‍යායාම වල නිරත් වීමද මීට උපකාරී වේ. දැන් ඔබට අත්ල හිරිවැටීම ගැන යම් දැනුවත්භාවයක් තිබෙනවා. ඒ නිසා මේ පිළිබද අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැහැ.ඔබට ඔබෙ වෛද්‍යවරයා සමග මේ ගැන වැඩිදුර විස්තර සාකච්ඡා කළ හැකි අතර අවශ්‍ය නම් පමණක් ඔහු ඔබව ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමු කරනු ඇතියි.

……………..

Article Written By: Dr. Ms. C. T. Kospalawatte, MBBS

……………..

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
……………..

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

9766 times

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!