දරුවාගේ විනෝදමත් සහ ආරක්ෂාකාරී ස්නානයකට

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

දරුවාව නහවන කාලය කලබලකාරිව හා මහත් අවධානමෙන් යුතුව වුවද ඔබට සහ ඔබගේ දරුවාට ඉමහත් විනෝදයෙන් කාලය ගත කල හැකි වෙලාවක්.

කෙසේ නමුත් ඔබ ඔබගේ දරුවාගේ ආරක්ෂාව හා සනීපාරක්ෂාව පිළිබඳව ඉතා හොඳ සෝදිසියෙන් සිටීම වැදගත් කාරණයක් වෙනවා. ඔබට ආරක්ෂාකාරිව සපාරක්ශාව සදහා යොමු වීමට ආරක්ෂා කාරී සමිපරක්ෂක උපකරණ හා අංගෝපාංග අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. මෙම ලිපියෙන් අප දරුවන් නැහැවීම සහ සනීපාරක්ෂාව සදහා අත්‍යවශ්‍ය වන උපකරණ හා විනෝදාස්වාදය ලබාගත හැකි ආකාරයේ උපකරණ පිලිබදව සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙනවා.

නාන භාජන

නාන භාජන මගින් ඔබට ඔබගේ දරුවාට ආරක්ෂාකාරී සහ සුවපත් නැහැවීමකට අවස්ථාව ලබා දෙයි. වෙළඳ පොලෙහි විවිධාකාර නාවන භාජන අලවියෙහි පවතී. ඇතැම් නාවන භාජන වල පසු පස පෙදෙස සහ හිස පෙදෙස තබා ගෙන සිටීමට ප්‍රදේශ පවතී. මේ මගින් හිස සහ පසු පස පෙදෙස මත ආධාරක වශයෙන් ක්‍රියා කරයි. ඇතැම් අනිත් ඒවා පිට වැනි පෙදෙස රවුම් ආකාරයෙන් නිපදවා ඇත. ඒ දරුවාව තුරුලු කර වාගේ තබා ගැනීමටයි.

නාවන අසුන්

ඔබගේ දරුවා සිට ගැනීමට ආරම්භ කල පසු ඔබට නහවන අසුනකට මාරු විය හැක.. මෙම අසුන මගින් ඔබ දරුවා නහවන වෙලාවේ ඔබට අවශ්‍ය අමතර සහය ලබා දෙවි. එමගින් ඔබට දරුවාගේ ආරක්ෂාව පිලිබදව සහතිකයක් ලබා ගත හැක. වෙළඳ පොලෙහි වන බොහෝ නාන අසුන් වැනි උපකරණ ප්ලාස්ටික් එවයි. ඒවගේ පතුලේ පිටිපස පෙදෙස සදහා ඇතැම් විට රබර් වැනි පෙදෙස් පැවතිය හැක. එමගින් දරුවා හිඳවා තබා ගැනීම පහසු කරවයි.
වැදගත්: නාවන අසුන් ආරක්ෂාකාරී වුවද එසේ සිතා ඔබ කිසිම විටක දරුවාව නහවන තන තබා එතනින් ඉවත් වී නොයා යුතුය. නහවන සෑම විටකම ඔබ දරුවාත් සමගම සිටින්න.

නාවන විට දරුවාට දීමට සෙල්ලම් බඩු

නාවන විට දරුවාට දීමට වෙළද පොලෙහි විවිධාකාර සෙල්ලම් බඩු තිබේ. මේවා කුඩා වතුර උඩ පාවෙන විවිදාකාර සතුන්ගේ සිට වතුර මත ලිස්සා යන විශාල උපකරණ දක්වා වූ විශාල පරාසයක් පවතී.

සෙල්ලම් බඩු දමන බෑගය

සෙල්ලම් බඩු වලින් ඔබගේ නාන කාමරය පිරෙන්නට වැඩි කාලයක් ගත නොවනු ඇත. මෙම හේතුව නිසා ඔබ සෙල්ලම් බඩු දැමීමට වෙනම බැගයක් නාන කාමරය තුල තබා ගෙන සිටීම ප්‍රයෝජනවත් වේවි.

ලිස්සා නොයන පැදුරු

දරුවා ලිස්සා නොයාමට නහවන ස්ථානයේ ලිස්සා නොයන පැදුරු දීම සිදු කල හැක . බොහොමයක් මෙම පැදුරු විවිධාකාර රුප රටා ඇති ලෙස වෙළද පොලෙහි දක්නට ලැබේ. මෙම නිසා දරුවා නෑමට වැඩි කැමැත්තක් ඇති කරවීමටද මෙනිසා ඔබට හැකි වේවි. ඔබගේ මෙම පදුරෙහී පතුලේ චුසක වැනි දෑ පවතී නම් එම චුසක ප්‍රථමයෙන් පොළොවට හොදින් ඇල වී ඇති දැයි දන ගැනීම වැදගත් වේවි.

ස්නාන උෂ්ණත්වමානය

කුඩා දරුවන්ගේ සම ඉතාමත් කුඩා කාලයේදී ඉතාමත් සියුම් සහ සංවේදී වේ. මෙම හේතුව නිසා ඔවුනගේ සම ඉතා ඉක්මනින් පිළිස්සීමට ලක් වෙයි. මෙම හේතුව නිසා ඔබ දරුවාව නහවන වතුර පමණට වඩා රත් වී නොතිබීම ඉතා වැදගත් වේ. මෙම හේතුව නිසා පාවෙන උෂ්ණත්ව මාන වැනි සරල උපකරණ මගින් ඔබට දරුවා නහවන ජලය නිවැරිදි උෂ්ණත්වයේ පවතිනවාදැයි පරික්ෂා කරගත හැක.

ළමා නහවන තුවා

ළමා නහවන තුවා බොහෝ වෙලාවට දරුවාගේ හිස ආවරණය කිරීමට වෙනම සකසා තිබෙන්නට පුළුවන් එමගින් ඔබගේ සිගිත්තා ගේ හිස ප්‍රදේශය නැහැවීම අවසන් වූ වහාම උණුසුම්ව තබා ගැනීමට උපකාරී වෙනවා. ඔබ වෙනත් සිගිත්තෙකුට තෑගි දීමටද මෙම තුවා කදිම තෑගී භාණ්ඩයක් ද වෙනවා.

……………..

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “recommend” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

If you found this article interesting and helpful, please share with your friends too. Just click the “recommend” button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!