දරු ප්‍රසූතියෙන් පසු ඇති විය හැකි සුළු ආබාධ

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

දරු ප්‍රසූතියෙන් පසුව ඔබට කලාතුරකින් ඔබට උණ, අධික රුධිර වහනය වැනි හානිකර සංකූලතා ඇති විය හැකියි. ඒත් බොහෝ දෙනාට ඉහත කී හානි කර සංකූලතා ඇති නොවුනත් යම් තරමකින් හෝ සුලු සුලු අපහසුතා ඇති වෙනවා. මේ සුළු අපහසුතා ඉතාමත් සුලභයි. එනිසා ඒ ගැන හොඳ අවබෝධයක් සහිතව සිටීම ඉතා වැදගත් වෙනවා.

වේදනාව

දරු ප්‍රසූතියෙන් පසු ඔබට වේදනාව දැනීම ඉතා සුලභයි. ඔබ සාමාන්‍ය ලෙසට දරුවා ප්‍රසූත කලා නම්, බොහෝ විට episiotomy කැපුමක් සිදු කරන නිසා ඔබට ඔබේ යෝනි ප්‍රදේශයේ වේදනාවක් දැනිය හැකියි. එමෙන් ම ඔබ සීසේරියන් සැත්කමකින් දරුවා බිහි කලා නම් ඔබට උදර ප්‍රදේශයේ හා කොන්දේ වේදනාවක් දැනිය හැකියි. උදරයේ දැනෙන වේදනාව සාමාන්‍යයෙන් කැපුම නිසා ඇති වන්නක්. මෙම වේදනාව සාමාන්‍යයෙන් දින 4-5 ක් වන විට අඩු වී යනවා. මේ සුලු වේදනාවන් සුව කිරීම සඳහා සාමාන්‍ය වේදනා නාශක බෙහෙත් ප්‍රමානවත් වෙනවා. ආසාදනයන් නිසා උදරයේ වේදනාව වැඩි විය හැකියි. අඩු නො වී වැඩි වන උදරයේ වේදනාව, උණ, අධික රුධිර වහනය වීම දුර්ලභ වන අතර එම රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහලට යන්න. සීසේරියන් සැත්කමට පසු කොන්දේ වේදනාව දැනීම සුලභයි. සැත්කමේ දී උදරයේ මස් පිඬු එහා මෙහා කිරීම නිසාත්, නිර්වින්දනය සඳහා කොන්දට බෙහෙත් විදීම නිසාත් මේ වේදනාව ඇති වෙනවා. සමහර අයට හිස පිටුපසට පැතිරෙන අධික කොන්දේ වේදනාවක් හටගන්නවා. මෙය spinal headache ලෙස හඳුන්වන අතර සමහර විට රෝහල් ගත වීමට ද සිදු විය හැකියි.

මුත්‍රා මාර්ගය හා සම්බන්ධ ගැටළු

දරු ප්‍රසූතියෙන් පසුව ඔබට මුත්‍රා පිට කිරීම අපහසු විය හැකියි. බොහොමයක් අවස්ථා වල දී මෙය වේදනාව නිසා ම සිදු වෙන දෙයක්. සමහර විට මුත්‍රා ආසාදන නිසාත් ඔබට මුත්‍රා අඩස්සිය ඇති විය හැකියි. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසු යෝනි ප්‍රදේශයේ ශ්‍රාවයන් අධික වීම නිසා පහසුවෙන් මුත්‍රා ආසාදන ඇති විය හැකියි. සීසේරියන් සැත්කමට පසු මුත්‍රා බටයක් ඇතුලු කිරීම සාමාන්‍ය සිරිතයි. ඉතා කලාතුරකින් මේ නිසාත් මුත්‍රා ආසාදන ඇති විය හැකියි. දරු ප්‍රසූතියෙන් පසුව ඔබට උණ ඇති වීමටත් මුත්‍රා ආසාදන හේතු විය හැකියි. හැකි තාක් ජලය පානය කිරීම, නිතර මුත්‍රා කිරීම, ප්‍රතිජීවක ඖෂධ ගැනීම මගින් මුත්‍රා ආසාදන සුව කල හැකියි.

ආහාර මාර්ගය හා සම්බන්ධ ගැටළු

දරු ප්‍රසූතියෙන් පසුව මල බද්ධය ඉතා සුලභ තත්වයක්. දරු ප්‍රසූතියට පෙර හා පසුව නිරාහාර ව සිටීම, ජලය අඩුවෙන් පානය කිරීම, වේදනාව නිසා මල පහ කිරීමට උත්සාහ නොකිරීම, opioid ගණයේ බෙහෙත් නිසා ආහාර මාර්ගයේ ක්‍රියාකාරීත්වය අඩු වීම නිසා මෙම තත්වය ඇති විය හැකියි. හොඳින් ජලය පානය කිරීම, ගස්ලබු වැනි පලතුරු ආහාරයට ගැනීම, බෙහෙත් වර්ග භාවිතය මගින් මල බද්ධය සුව කල හැකියි.

උකුල් ප්‍රදේශයේ හන්දි වල වේදනාව

දරු ප්‍රසූතියෙන් පසු ඔබේ උකුල් ප්‍රදේශයේ ඉදිරිපස ඇති Symphysis pubis නම් වූ හන්දියේ පටක ඇදීම නිසා අධික වේදනාවක් ඇති විය හැකියි. සමහර විට ඔබට ඇවිදීම පවා ඉතා වේදනා කාරී විය හැකියි. මෙම තත්වය ඇති වන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසුවයි. උකුල වටා පලඳින සවිමත් පටියක් භාවිතය හා වේදනා නාශක බෙහෙත් මගින් මෙම තත්වය සමනය කර ගත හැක.

දෙපා අඩපණ වීම

මෙම තත්වය maternal obstetric paralysis නමින් හඳුන්වනවා. සාමාන්‍ය දරු ප්‍රසූතියේ දී ඔබේ උකුල් ප්‍රදේශයේ ඇති ස්නායු ජාලයක් (lumbo-sacral plexus) මතට දරුවාගේ හිස තෙරපීම නිසා එම ජාලයේ ස්නායු තාවකාලික ව අඩපණ වීමෙන් මෙම තත්වය ඇති වෙනවා. සති කිහිපයකින් මෙම තත්වය සුව අතට හැරෙන අතර ව්‍යායාම හැරෙන්නට වෙනත් කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ.

…….

Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL),

…….

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

31526 times

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!