සිසේරියන් සැත්කමකට පසු ව්‍යායාම……

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

සිසේරියන් සැත්කම රෝහලක හරිම සාමාන්‍ය දෙයක් වන තරමටම අතිශය බහුලව සිදුකරන්නා වූ ශල්‍යකර්මයක් වුවද එය ශල්‍යකර්ම ලෝකයේ ප්‍රධාන ඝනයේ ශල්‍යකර්මයක් ලෙස ගණන් ගැනේ. ඝර්භනී සමයේදී කාන්තාවක් තරමක් තරබාරු වන අතර ඝර්භය නිසා උදරයේ මාංශපේශී ඇදීම හේතුවෙන් උදරය ඉදිරියට නෙරා ඒමට පටන්ගනියි. තවද සිසේරියන් සැත්කමක් කරන විට උදරයේ මාංශපේශී කැපීමක් සිදුකරන නිසා තවත් උදරය ඉදිරියට නෙරා ඒමට ඉඩකඩ ඇත. මෙය සමහරුන්ට ගැටළුවක් වන අතර සමහරු මෙය සාමාන්‍ය දෙයක් ලෙස සලකයි. නමුත් මෙසේ මාංශපේශී දුර්වල වී තිබීම හර්නියා තත්ත්ව ඇතිවීමට බලපාන අතර ශරීරය අවලස්සන කරයි.

ඉතින්, මෙයට පිලියමක් තිබේද? ඔව්. පිළියම නම් ව්‍යායාම කිරීමයි.

වැදගත්: මෙම ව්‍යායාම පිළිපැදීමට පෙර ඔබ වෛද්‍ය වරයෙකු හමුවී ඔබේ සිරුරට බලපාන යම් තත්ත්වයක් වේද යන්නත්, යම් යම් ව්‍යායාම වලින් ඔබ වැලකී සිටිය යුතුද යන්නත් ගැන පැහැදිළිව දැනගෙන සිටිය යුතුය.

සෙමින් ක්‍රමානුකූලව අරඹන්න….

ඔබ ඝර්භනී සමයට පෙර ව්‍යායාම කල කෙනෙකු වන්නට පුළුවන්. එසේත් නැතිනම් ක්‍රීඩා කළ කෙනෙකු වන්නට පුළුවන්. එසේත් නැතිනම් කිසිම ව්‍යායාමයක් නොකළ කෙනෙකු වියහැක. ඒ කෙසේ වෙතත් ඔබ ඝර්භානීව සිට ප්‍රධාන ශල්‍යකර්මයකට භාජනය වී සිටි අයෙකු බව සිහි තබාගන්න.

විවේක ගන්න

සිසේරියන් සැත්කමෙන් පසු සති හයක් අටක් (6-8) යනතුරු විවේක ගන්න. ඔබේ සිසේරියන් සැත්කම කළ වෛද්‍ය වරයාගෙන් තම ශල්‍යකර්මයේ සංකූලතා ඇති නැති බව දැනගන්න. ඔහුගෙන් තමන් ව්‍යායාම කිරීමට සුදුසු බව තහවුරු කරගන්න.

මුලින් ඔබ කලයුත්තේ ඉතා සරල පහසුවෙන් කළහැකි ව්‍යයාමයි. ඔබ කලින් ක්‍රීඩා වල නියුතු අයෙකි විය හැක. නමුත් ඔබ පවා ව්‍යායාම ඇරඹිය යුත්තේ සරලවයි. නමුත් ව්‍යායාම නොකර සිටීමද හිතකර වේ.

සතියට දින තුනක් හතරක් පමණ, දිනකට පැය භාගයක් පමණ කාලයකින් අරඹන්න. සැමවිටම cool down කිරීම සඳහා විනාඩි පහක්වත් වෙන්කරන්න. පියයුරු වලට අධාරයක් වීම සඳහා අනිවාර්යයෙන්ම බ්‍රසියරයක් (brassier) අඳින්න. ව්‍යායාම කිරීමේදී අධික වේදනාවක් දැනෙන්නේ නම් වහාම ව්‍යායාම නවත්වන්න.

උදරයේ සහ යටි ප්‍රදේශයේ මාංශපේශීන් ශක්තිමත් කිරීම සඳහා ව්‍යායාම…..

උකුළේ මාංශපේශී සඳහා

  • පළමුව උඩුබැලි අතට බිම නිදාගන්න.
  • පසුව කකුල් අතර කෝණය 450 වනලෙස ඈත්කරන්න.
  • දැන් දණහිස් ඉහලට එසවෙන සේ නවා තම පා ශරීරයට ලං කරන්න.
  • ඉන්පසු උකුළ බිමින් ඉහලට ඔසවනන.
  • මෙසේ තත්පර දහයක් පමණ සිට සෙමින් තට්ටම බිමට පහත කරන්න.
  • තතත්පර කිහිපයක් විවේක ගෙන නැවත කරන්න.
  • මෙසේ දහවතාවක් කරන්න.
  • මෙවැනි දහයේ ගොණු තුනක් දිනකට කරන්න.
  • කල්යාමේදී වරකට කරන වාර ගණන හෝ වරකට සිටීනා කාලය වැඩි කරන්න.

උකුළේ යටි ප්‍රදේශයේ මාංශපේශී සඳහා

මෙම ව්‍යායාමය නිසා අනාගතයේ ඔබගේ ගර්භාෂය පහත්වීම, මුත්‍රා අඩස්සිය, නොදැනී මුත්‍රා පහවීම වැනි රෝග තත්ත්ව අවම කිරීමට හේතු වේ. මෙම ව්‍යායාමය සඳහා භාවිතා වන්නේ ඔබ මුත්‍රා යාම වැලැක්වීම සඳහා භාවිතා කරන මාංශපේශී වේ.

  • දෙපා මදක් ඈත් වන ලෙස තබා සිටගන්න.
  • ඔබට මුත්‍රා යෑමට ඇතිවිට එය නැවත්වීමට තද කරගන්නා ආකාරයට තද කරන්න.
  • තත්පර දහයක් සිට නැවත ලිහිල් කරන්න.
  • මෙය දිනකට කිහිපවිටක්ම කරන්න.
  • මෙම ව්‍යායාමය ඔබට ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක කළහැක.

උදරයේ සහ කොන්දේ මාංශපේශී සඳහා

උදරය අඩුකරගැනීම සඳහා මෙම ව්‍යායාමය පමණක් ප්‍රමාණවත් නොවේ. නමුත් ඔබගේ ශල්‍යකර්මයක් කර ඇති බැවින් මෙම ව්‍යායාමය මුල් කාලයේදී ඔබගේ තුවාලයට වැඩි ආතතියක් නොදී මාංශපේශී ශක්තිමත් කරගැනීමට උපකාරී වේ.

  • පළමුව මුනින් අතට නිදාගන්න.
  • දැන් වැලමිට දෙක බිම තබන්න.
  • පසුව ඇඟිලි තුඩුවලින් ඉස්සී කොන්ද කෙලින් තබාගන්න.
  • මේ ආකාරයට තත්පර 30ක් සිට පහත් වන්න.

මෙසේ තුන් වරක් කරන්න.

ඇවිදීම

  • පළමුව දිනක විනාඩි පහළොවක් පමණ සෙමින් ඇවිදින්න.
  • ක්‍රමානුකූලව කල්යත්ම ඔබ ඇවිදින වේගය සහ කාලය වැඩි කරන්න.

මෙසේ සුළු ව්‍යායාම වලින් අරඹා මාස තුනකට පසු ඔබගේ සුපුරුදු ව්‍යායාම රටාවට පැමිණිය හැක. ඔබ කලින් ව්‍යායාම නොකළ අයෙකු නම් මගේ උපදෙස නම් මාස තුනකට පසු සාමාන්‍ය පුද්ගලයෙකුට සුදුසු ව්‍යායාම රටාවකට හුරුවන ලෙසයි.

වෛද්‍ය දුලාංග රත්නායක, MBBS
……………..

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

3088 times

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!