දහදිය දුර්ගන්ධය නිසා ඇති වන අපහසුතා වලින් මිදෙන්න නම්…

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

රම්‍යලතාගෙ කෝච්චිය අදත් පරක්කු වුනා. අට පහු වුනොත් කන්තෝරුවෙ රතු ඉර වදිනවා. මරදානෙන් බැහැලා රම්‍යලතා ඔෆිස් එකට දිව්වෙ සුසන්තිකාවත් පහු කරන්. යාන්තම් අටට පහක් තියලා රම්‍යලතා කන්තෝරුවේ පොත අත්සන් කරේ ඉහින් කනින් දාඩිය බේරෙද්දි.දවල් කෑම වෙලාව වෙනකං ලොකු අවුලක් තිබ්බෙ නෑ. රම්‍යලතා කෑම කෑවෙ තනියම. මොකද්දෝ හේතුවකට කන්තෝරුවේ අනිත් උදවිය රම්‍යලතා එක්ක වැඩිය කිට්ටු ආස්සරයක් තිබ්බෙ නෑ. හේමසිරි හෙඩ් ඔෆිස් ඉඳන් මාරු වෙලා ඇවිත් තිබුනෙ ඊයෙ පෙරේදා. මහ හැකර කටක් ඒකාට තිබ්බෙ. නහය රැලි කරගෙන හේමසිරි ලන්ච් රූම් එක වටේ කැරකෙද්දි එහෙන් මෙහෙන් තද කරගත්තු හිනාවල සද්දත් රම්‍යලතා ට ඇහුනා.

පොලිස් බල්ලෙක් වගේ ඉව අල්ල අල්ලා හේමසිරි රම්‍යලතා පැත්තට කිට්ටු වෙද්දි

“මොකද බං හේමසිරි ?” කියලා ඇහුවෙ ගුණපාල .

“නෑ බං මේ වස ගඳක් එනවා කොහෙන්ද කියලා හොයා ගන්න බැරුව මම මේ ඉන්නෙ.ඇයි තමුසෙට එන්නැද්ද?”

රම්‍යලතා අස්සටම රිංගපු හේමසිරි නහයත් පුළුටු කරං “අම්මප ඔයාට ඒ ගඳ එන්නැද්ද රම්‍යලතා ?”කියලා අහද්දී ලන්ච් රූම් එකේ ඔක්කෝම කැකිරි පලන්න ගත්තෙ එක සද්දෙට.

බාගෙට කාපු කෑම එකත් අකුලං රම්‍යලතා ලන්ච් රූම් එකෙන් එළියට ආවෙ දිය වෙන්න යන ඇස් දෙකත් තද කරං, හාෆ් ඩේ එකක් දාලා ගෙදර යන්න හිත හදාගෙන…

……………………………………………………….

තමන්ට ගොඩ වෙලාවට නොදැනුනාට අහළ පහළ ඉන්නා අයට සෑහෙන අපහසුතාවයක් ඇති කරන්න දාඩිය ගඳට පුළුවන්. ඒ වගේම දාඩිය ගඳ නිසා පිරිසක් ඉස්සරහ ඔබ නොසෑහෙන අපහසුවට ලක් වෙන්නත් පුලුවන් .

අපේ සිරුරේ දහඩිය නිපදවන ග්‍රන්ථ අතරින් බොහෝවිට ඇපෝක්‍රයින් ග්‍රන්ථිවලින් නිපදවන දහඩිය තමයි බොහෝ විට මේ දුගඳට හේතු වෙන්නේ.

ඇත්තටම දහඩියවලට කිසිම ගඳක් හෝ සුවඳක් නැහැ. නමුත් දහඩියේ පවතින ප්‍රෝටීන සම මත සිටින බැක්ටීරියා මගින් බිඳ දැමීමෙනුයි මේ දුගඳ ඇති වන්නේ.

බොහෝ විට මේ ඇපෝක්‍රයින් ග්‍රන්ථිය වැඩි වශයෙන් ඇත්තේ කිහිලි,ඉකිලි ආදී ප්‍රදේශ වලයි. තරබාරු වීම,අධික දහඩිය දැමීම නම් රෝගී තත්වයෙන් පෙලීම, දහඩිය දැමීම වැඩි කරන සැර ගතිය අධිම ආහාර ගැනීම ,ඇතැම් රෝග නිසා දහඩිය දුගඳ විශාල ගැටලුවක් විය හැකියි.

බොහෝ විට අන් අයට දුගඳ දරා ගන්නට අපහසු වුනත් කෙනෙකුගේ දහඩිය ඒ පුද්ගලයාට දුගඳක් නැති වෙන්නත් පුලුවන්.

දහඩිය දුගඳ අවම කර ගැනීමට මෙන්න මේ පුරුදුවලින් උපකාර ගන්න අපට පුළුවන්

  • දිනකට එක් වරක් වත් හොඳින් ඇඟ සේදීමෙන්
  • ඒ සඳහා බැක්ටීරියානාශක අඩංගු (antibacterial) සබන් භාවිතයෙන්
  • සාමාන්‍යයෙන් ඇඟේ අධික ලෙස දහඩිය දමන ප්‍රදේශ නිතර සෝදා වියලිව තබා ගැනීමෙන්
    සම මත බැක්ටීරියා අඩු කෙරෙනවා.
  • රෝම කූප මඟින් දහඩිය සම මත රැඳෙන වෙලාව වැඩි කරනවා.රෝම ඉවත් කිරීම මගින් දහඩිය මත බැක්ටීරියා ක්‍රියාත්මක වීමට ඇති කාලය අවම කර ගත හැකියි.
  • දහඩිය සිරුරෙන් ඉවත් වීම ට පහසු වන සැහැල්ලු ස්වාභාවික තන්තුවලින් තැනූ ඇඳුම් භාවිතය.
  • දහඩිය දැමූ ඇඳුම් බොහෝ වෙලා ඇඟ ලාගෙන නොසිටීමත් දහඩිය දුගඳ අවම කරගන්න තවත් විදිහක්.
  • දහඩිය දැමීම ඉහළ නංවන කෑම වර්ග වගේම දහඩියවලට අප්‍රසන්න ගන්ධයක් ලබා දෙන කෑම වර්ගත් අඩුවෙන් පාවිච්චි කිරීමෙනුත් මේ ගඳ අඩු කරගන්න පුලුවන්
  • ඩියෝඩ්‍රන්ට් මගින් දහඩිය දුගඳ සඟවාලීමක් වගේම බැක්ටීරියා වැඩෙන්න අපහසු පරිසරයක් ඇති කරද්දි anti perspirant මගින් දහඩිය නිපදවීම අඩු කරනවා.

කලාතුරකින් ඔබට ඇති අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම හෝ අසාමාන්‍ය දුගඳ ඇතැම් විට කායික රෝගයක එක් රෝග ලක්ෂණයක් වෙන්නත් ඉඩ තියෙනවා.

ඉතින් දහඩිය දුගඳ ඔබට දැඩි හිසරදයක් වෙලා නම් වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ගන්නා එක වඩාත් නුවණට හුරුයි.

– වෛද්‍ය සඳුනි පෙරේරා. MBBS

…………………………………

සංස්කාරක සටහන:

දහදිය දුගඳ හැමීම බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක් උනත් අවාසනාවකට මෙන් බොහෝ විට තවත් කෙනෙක් අපට අපෙන් එන දුගඳ ගැන කියන්නේ නැහැ. ඒ නිසා අපව නොදැනීම කොන්වීමට ලක්වීම, අනුන් අතර කතා බහට ලක්වීම සිදු වෙනවා. නමුත් මෙම තත්ත්වය ඉතා පහසුවෙන් වළක්වා ගන්න පුළුවන් ඉහත ලිපියේ උපදෙස් පිළිපැදීමෙන්. තරමක් නාට්‍යානුසාරයෙන් ලිපිය ලියා ඇත්තේ පාඨක අවධානය දිනා ගැනීම පිණිස මිස කිසිවෙක් අපහසුතාවයට ලක් කිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න.

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!