එක් වීමේදී අධික වේදනාවක්?

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

ලිංගික සංසර්ගයට මොහොතකට පෙර, අතරතුර හෝ මොහොතකට පසු දැනෙන වේදනාව මේ dyspareunia තත්වයට අයත් වෙනවා. මෙය ගැහැණු පිරිමි දෙපාර්ෂවයට ම ඇති වුනත් කාන්තාවන් අතර මෙය ඉතා සුලභයි. මේ වේදනාව සමහර අයට යෝනි මාර්ගය තුල පමණක් දැනුනත් සමහර කාන්තාවන්ගේ යටි බඩ ප්‍රදේශයටත් පැතිර යා හැකියි.

Vaginismus

Vaginismus යනු පුරුෂ ලිංගය ඇතුලු වූ සැනෙකින් යෝනි මාර්ගයේ බිත්ති මත ඇති වන පීඩනය නිසා එක් වරම යෝනි මාර්ගය වටා ඇති මාංශ පේශි වේදනාකාරී ව තදින් සංකෝචනය වීමයි. මෙහි දී යෝනි මාර්ගය පටු වන නිසා පුරුෂ ලිංගය ඇතුලු කිරීමට අපහසු වෙනවා. මෙය ශාරීරික වගේ ම මානසික හේතු නිසාත් වෙන්න පුළුවන්. මුල් වරට ලිංගික ව එක් වීමේ දී වේදනාව දැනේ දැයි අධික බිය වීම මූලික හේතුවක්. ඊට අමතර ව යෝනි මාර්ගයේ ආසාදන නිසාත් මේ Vaginismus තත්වය ඇති වෙන්න පුළුවන්. ආසාදන වලට ප්‍රතිජීවක බෙහෙත්, යෝනි මාර්ගය විස්තාරණය කිරීම, ලිහිසි ද්‍රාවණ මඟින් මේ තත්වය මඟ හරවා ගත හැකියි.

අලුත් ලිපි ගැන දැනුවත් වීමට පහත Like Page ක්ලික් කරන්න. ස්තුතියි!

(මේ වන විට අපේ Page එක Like කර ඇත්නම් නැවත කල යුතු නැත)

යෝනි මාර්ගයේ ආසාදන

යෝනි මාර්ගයේ හා ගැබ් ගෙලේ සාමාන්‍යයෙන් බැක්ටීරියා රාශියක් ජීවත් වෙනවා. මේවා කිසි කරදරයක් නොකර සහජීවනයෙන් සිටින අයයි. එහෙත් සමහර අවස්ථාවල යෝනි මාර්ගයේ ආසාදන ඇති විය හැකියි. Candida වැනි දිලීර හා Chlamydia වැනි බැක්ටීරියා ඒ අතර ප්‍රධානයි. මේවා නිසා සංසර්ගයේ දී යෝනි මාර්ගයේ දැවිල්ලක් හෝ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. යෝනි මාර්ගයෙන් යම් ශ්‍රාවයක් පිට වීමද සුලභ රෝග ලක්ෂණයක්. වෛද්‍යවරයා යෝනි මාර්ගයේ ශ්‍රාවයෙන් සාම්පලයක් ලබාගෙන රසායනාගරයට යවනවා. එම සාම්පලය පරීක්ෂා කිරීමෙන් ලැබෙන ප්‍රථිපලය යොදා ගෙන එම අසාදනයට වඩාත් ම ගැලපෙන ප්‍රති ජීවකය කුමක් දැයි හඳුනා ගන්න පුළුවන්. ප්‍රතිජීවක බෙහෙත්වලින් මේ තත්වය සුව කල හැකියි.

Endometriosis

ඔසප් වීමේ දී ගර්භාශයේ ඇතුලත ස්ථරය (Endometrium) වර්ධනය වී මාසිකව ගැලවී හැලී යමක් සිදු වෙනවා. සමහර කාන්තාවන්ට Endometriosis නම් වූ රෝග තත්වයක් තිබෙනවා. මෙහිදී ඉහත කී endometrium ගර්භාශයෙන් පිටත ද අසාමාන්‍යව පිහිටනවා. මේ පටක වලින් පිටවන වේදනාකාරී රසායනයන් නිසා සංසර්ගයේ දී යටි බඩේ දරුණු වේදනාවක් ඇති විය හැකියි. මෙම තත්වය නිසා ශ්‍රෝණි ප්‍රදේශයේ පටක් එකට ඇලීම නිසාත් වේදනාව ඇති විය හැකියි. මේ රෝගය නිසා ඔසප් වීමට දින කිහිපයකට පෙර සිටම උදරයේ වේදනාව මතු වෙනවා. ඔසප් වීමේ දෙවැනි දින දී පමණ උච්ච වී ඉන් පසු ටිකෙන් ටික අඩු වෙනවා. ඔසප් වීම නතර වී දින කිහිපයක් ගත් වන තුරුත් වේදනාව තිබිය හැකියි. මේ රෝග තත්වයට ප්‍රතිකාර ලබා ගැනීමට නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය වරයෙකු වෙත යාම සුදුසුයි.

ශ්‍රෝණි ප්‍රදේශයේ ගැටළු

සමහර විට යෝනි මාර්ගයේ ආසාදන ශ්‍රෝණි ප්‍රදේශයට පැතිරී යා හැකියි. මේ නිසා එම ප්‍රදේශයේ ඉදිමීමක් ඇති වෙනවා. සංසර්ගයේදී මේ ඉදිමුනු පටක සෙලවීමත් සමඟම දැඩි වේදනාවක් ඇති වෙනවා. වෙනත් ආසාදන  මෙන්ම මෙවැනි ආසාදනත් ප්‍රතිජීවක බෙහෙත් වලින් සුව කල හැකියි.

සමහර කාන්තාවන්ට යම් යම් හේතු නිසා උදරයේ හා ශ්‍රෝණි ප්‍රදේශයේ සැත්කම් සිදු කරනවා. මේ සැත්කම් වලින් පසු සිරුර ඇතුලත් පටක සුව වීමේ දී ඒවා එකට ඇලීම ඉතා සුලභ ව දක්නට ලැබෙන දෙයක්. මෙසේ එකට ඇලුනු පටක සෙලවෙන විට ස්නායු උත්තේජනය වීම නිසා දැඩි වේදනාවක් හට ගන්න පුළුවන්. මෙයට වේදනා නාශක බෙහෙත් ගැනීමෙන් හෝ තවත් සැත්කමක් මඟින් ඇලුනු පටක වෙන් කිරීමෙන් සුවය ලද හැකියි.

…….

Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL)
…….

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

……..

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න
mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!