පිළිකා අවදානම ගැන දැනුවත් වන්න

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

පිළිකාව ලෝකයේ සිදුවන මරණ සඳහා ප්‍රධාන හේතුකාරකයකි. පිළිකාවට කාන්තා පිරිමි බේදයක් නොමැත. සැම පුද්ගලයකුම සතු ඉන්ද්‍රියයන් වන අමාශය, මොලය, අක්මාව සහ අනෙකුත් ඒවායේ පිළිකාව සැදීමේ අවදානම පවතී. නමුත් කාන්තාවන්ගේ පමණක් ඇති අවයව වන පියයුරු ,ගැබ් ගෙල, ගර්භාෂය සහ ඩිම්බකෝෂ වල පිළිකා සැදීමේ අවදානම වෙනත් අවයව වලට වඩා ඉතා ඉහලය.

පියයුරු පිළිකා

පියයුරු පිළිකා කාන්තාවන් අතර ඇතිවන වඩාත් සුලබතම පිළිකා තත්වයයි. එමෙන්ම කාන්තා පිළිකා අතරින් මරණ වැඩිම අනුපාතයක් වාර්තා වන්නේ පියයුරු පිළිකා සම්බන්දවයි. පියයුරු පිළිකා වල මුල් අවදියේදී කිසිදු රෝගී ලක්ෂණයක් පිටතට නොපෙන්වයි. පළමුව දක්නට ලැබෙන්නේ කුඩා ඉදිමුමක් පමණි. පියයුරු හැඩය වෙනස් වීම්, සමෙහි පැහැය වෙනස් වීම්, සම රැළි වැටීම්, තනපුදුවෙහි ඇතුලට එබී ගිය ආකාරයේ තැන්, තනපුඩු වල ක්ෂය වීම්, තනපුඩු වලින් ලේ වහනය, මෙවැනි තත්ත්ව උග්‍ර පියයුරු පිළිකා තත්ත්වයක පෙරනිමිති විය හැකියි. සායන පරික්ෂණ මගින් පියයුරෙහි තරමක් තද අසාමාන්‍ය නොසෙල්වන ගැටිත්තක් හා සමෙහි පැහැය වෙනස් වීම් පිළිකා තත්වයක් ලෙස හඳුනාගැනීමට හැකි වනු ඇත. පියයුරු පිළිකාව අනිත් පියයුරට, අස්ථින්, මොලය, අක්මාව, පෙණහළු යනාදී සියලු අවයව වලට පැතිර යාමේ අවදානමක් පවතියි. ඉදිකටු චිකිත්සාවක් මගින් ගැටිත්තේ පටකමය රෝග හඳුනාගැනීමක් සිදුකල හැක. සුළු ශල්‍ය කර්මයක් මගින් සම්පුර්ණයෙන්ම ගැටිත්ත ඉවත් කළ හැකි අතර ව්‍යායාම මගින් අතුරු ආබාධ බොහෝ විට සුව කර ගත හැක. දරුණු ගණයේ පිළිකාවන් වසා ගැටිති ඉවත් කිරීමේ ශල්‍යකර්ම මගින් සුව කර ගත හැක. ශල්‍යකර්මයෙන් පසුව වුවද විකිරණ චිකිත්සාවන් මගින් ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැක.

FNAC පරීක්ෂාව සහ mammogram පරීක්ෂාව මගින් පෙර හඳුනා ගැනීම් කල හැක.

ගැබ් ගෙල පිළිකා

ගැබ් ගෙල පිළිකා තෙවනියට වඩාත් සුලබතම පිළිකා තත්වයයි. මෙය ඇතිවීමේ අවධානම වයස අවුරුදු 35ට වඩා වැඩි කාන්තාවන් අතර බහුලය. ලංකාවේ ගැබ් ගෙල පිළිකා හඳුනා ගැනීමට පුළුල් වැඩ පිළිවෙලක් පවතී. අවුරුදු 35ට වඩා වැඩි සෑම කාන්තාවක්ම පෙර පිළිකා හඳුනා ගැනීමේ පරීක්ෂණයකට මුහුණ දුය යුතුය.

මානව පැපිලෝමා වයිරස (HPV) ඇති බව ගැබ් ගෙල පිළිකා ඇති බවට ඇඟවෙන සළකුණු විය හැක. HPV පරික්ෂාව ධනාත්මක වීමද ගැබ් ගෙල පිළිකා ඇති බවට සළකුණු වේ. පැප් පරීක්ෂාව මගින් මෙම පිළිකාව පිලිබඳ පෙර හඳුනා ගැනීමක් කල හැක.

යෝනියෙන් අසාමාන්‍ය ලෙස ලේ ගැලීම්, යෝනියෙන් අසාමාන්‍ය ලෙස තරල ගැලීම්, යෝනියෙහි දුගඳ, මුත්‍රා කිරීමේදී වේදනාව ආදිය මෙම පිළිකා තත්වයේ රෝගී ලක්ෂණයන් වේ. ගැබ් ගෙල පිළිකා ශ්‍රෝණි පෙදෙසටත් අක්මාව, පෙනහළු හා මොලය දක්වාද පැතිර යාමේ හැකියාව ඇත. මෙම පැතිර යාම බොහෝ විට සිදු වනුයේ වසා පද්ධතිය ඔස්සේය. ගර්භාෂය ඉවත්කිරීම මගින් පිළිකාව දරුණු වීමට ප්‍රථම සුව කර ගැනීමේ හැකියාව පවතී. පිළිකාවේ ඉහල අවදියේදී විකිරණ ච්කිත්සාවන් හා විවිධ බෙහෙත් ලබාගැනීමට සිදු වනු ඇත.

ගර්භාෂික පිළිකා

ගර්භාෂික පිළිකා 9 වැනියට වඩාත් බහුල කාන්තා පිළිකා රෝග තත්වයයි. ස්ථුලතාවය ,ග්‍රනුලොසේ සෛල මාරක ගැටිති (ඩිම්බ කෝෂවල ඇතිවන තත්වයක්), හෝමෝන ප්‍රතිස්ථාපන සායන යනාදිය ගර්භාෂික පිළිකා සැදීමේ ප්‍රවනතාවය ඉහල දමයි. මෙයට වඩාත් හේතු කාරක වනුයේ ඊස්ට්‍රජන් හෝමෝනයේ අධික වැඩි වීමිය. Tamoxifen වැනි ඖශධ ගැනීම මෙම රෝගී තත්වය සැදීමට තවත් හේතු කාරක වේ. මෙම පිළිකාවද පෙනහළු, අක්මාව, මොලය, අස්ථි යන සියල්ල දක්වා පැතිර යාමේ අවධානම පවතයි. මෙම පිළිකා තත්ත්වය හටගන්නේ අසාමාන්‍ය අර්තව චක්‍ර නිසාවෙනි. ගර්භාෂික පරීක්ෂාවක් මගින් මෙම තත්වය හඳුනාගත හැකි වුවද එමගින් තරමක් කැළැලි ඉතුරු කරවයි. පිළිකාව පවතින්නේ ගර්භාෂයේ පමණක් නම්, ගර්භාෂය ඉවත්කිරීම ප්‍රමාණවත්ය. ශල්‍ය කර්මයෙන් පසුව විකිරණ චිකිත්සාව හා බෙහෙත් ලබාගැනීම මෙම රෝගය පාලනය කිරීම සදහා වැදගත් වේ.

ඩිම්බ කෝෂ වල පිළිකා

ඩිම්බ කෝෂ වල පිළිකා වර්ග කිහිපයකි. බොහෝ දෙනා ඩිම්බ කෝෂ වල පිළිකා ඩිම්බ කෝෂ වල තුවාල ලෙස වරදවා තේරුම් ගනියි. පටක ආශ්‍රීත පිළිකා අතුරින් මෙය මතුපිට ස්ථරයේ පටක පිළිකාවකි. ආර්ථව චක්‍රයේ අසාමාන්‍යතා, ජානමය සාධක මෙම පිළිකාව සෑදීමේ හැකියාවන් ඉහල නන්වයි. ඇතැම් පිළිකා රෝගී ලක්ෂණ ඇති කිරීමට ප්‍රථම විශාල ලෙස පැතිර යාම සිදුවේ. වෙනත් රෝග සදහා සිදු කරන අධි ශබ්ද තරංග පරික්ෂා මගින් බොහෝ විට මෙම පිළිකා තත්වය අනාවරණ වෙයි. ශල්‍යමය ඉවත් කිරීම් බෙහෙත් ලබාගැනීම විකිරණ ප්‍රතිකා මෙම පිළිකා තත්වයට යොදාගනී.

……………..

Sinhala Translation Reviewed by: Dr. Ravi Liyanaarachchi MBBS

English Article By: Dr T. M. S. Sameera B. Madugalle MBBS (COL)

……………..

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “recommend” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

If you found this article interesting and helpful, please share with your friends too. Just click the “recommend” button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

……………

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න
mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!