නිවුන් දරුවන් දෙදෙනෙකුගෙන් දරුවකු අතුරුදහන් වීම

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

නිවුන් දරු පිළිසිඳ ගැනීමක් යනු ඉතාම සතුටුදායක ආරංචියක්. නමුත් ඔබ අසා තිබෙනවාද දරු උපතට පෙර එක නිවුන් දරුවෙකු අතුරුදහන් වූ අවස්ථා? අසන්නටත් පුදුමයි, නමුත් මෙය සිදුවන අවස්ථා තිබේ. අපි අද ඒ ගැන දැන ගනිමු…

* Vanishing Twin Syndrome

මෙහිදී සිදුවන්නේ මුලින්ම නිවුන් දරුවන් පිළිසිඳ ගෙන ඇති බවට සොයාගෙන තිබියදී පළමු මාස තුන ඇතුලත එක දරුවකු කුස තුලම මිය යාමයි. මිය ගිය කළලය මවගේ ශරීරය තුලටම උරා ගැනීමක් සිදුවේ. පළමු මාස තුන ඇතුලත එක කලලයක් මිය ගියත් අනිත් දරුවා අනතුරකින් තොරව ජීවත් වීමට හැකියාව ඇති අතර දෙවන හෝ අවසාන මාස තුන ඇතුලත එක දරුවකු කුස තුල මිය ගියොත් මවටත් කුස තුල ජීවත්ව සිටින දරුවාටත් අවදානම් තත්වයක් ඇති කරයි.

* මෙම තත්වය ඇතිවීමේ අවදානම ඇත්තේ කාටද?

බොහෝ විට වයස අවුරුදු 30ට පසු සිදුවන ගැබ් ගැනීම් වලදී මෙම තත්වය ඇතිවීමට ඇති අවදානම ඉහල යයි. නමුත් මෙහිදී ඔබ මතක තබා ගත යුතුය වයස 30ට පසු නිවුන් දරු පිළිසිඳ ගැනීමේ සම්භාවිතාවත් ඉහල යන බව. එනිසා වයස 30ට වැඩි මවු වරුන්ට vanishing twin syndrome වැඩි ලෙස වාර්තා වුවත් එයට වඩා අඩු වයසක සිටින මවු වරුන්ටත් මෙය සිදුවීමේ ඉඩ කඩ ඇත.

* මෙවැනි දෙයක් ඔබට සිදුවන බව කෙසේද දැනගන්නේ?

මෙහි ඇති අරුමය වන්නේ බොහෝ විට ඔබේ නොදැනුවත්වම මෙය සිදුවීමයි. සමහර අවථාවල උදරයේ හෝ ශ්‍රෝණිය අවට වේදනාවක්, ලේ වහනය වීමක් ආදී මල දරු උපත් පෙන්වන රෝග ලක්ෂණ පහල විය හැක. ඒ සමගම ඔබ හෝමෝන පරීක්ෂාවක් කර ගැනීමේදී එහි පහල යාමක් දැකිය හැක.

* ඔබට මෙය කෙතරම් බලපායිද?

මෙම තත්වය පළමු මාස 3ක් ඇතුලත සිදු උනොත් ඉතිරි වූ දරුවා සාමාන්‍ය ලෙස බිහි කිරීමේ හැකියාව පවතී. නමුත් අහිතකර බලපෑම් වැඩි වන්නේ එක නිවුන් දරුවකු දෙවැනි හෝ තුන්වැනි මාස 3 ඇතුලත මිය යාමයි. ඉතිරි වූ දරුවාගේ වර්ධනය අදාළ වන අතර, ආසාදන ඇති වීමටත් අඩු කාලයෙන් දරුවා බිහි කිරීමට සිදු වීමටත් පුළුවන.

* ඔබ කල යුත්තේ කුමක්ද?

ඉතා වැදගත් වන්නේ අවධානයෙන් සිටීමයි. ඔබට නිවුන් දරුවකු ලැබෙන්නට යන බව දැනගත් මොහොතේ සිට නිතර අවධානයෙන් සිටින්න. ඉහත දක්වූ අසාමාන්‍ය වේදනා, ලේ වාහනය ආදිය සිදුවුවොත් වෛද්‍ය උපදෙස් පතන්න. විශේෂයෙන්ම මෙය පළමු මාස 3ට පසුව සිදු උනොත් ඔබ අවදානම් කාණ්ඩයේ ගර්භාණී මවකි. එවිට නිතරම වෛද්‍ය පරීක්ෂා වලට බඳුන් විය යුතුය. මිය ගිය දරුවා නිසා ඉතිරි දරුවාට අවදානමක් වේ නම් වෛද්‍ය වරයා ඒ පිලිබඳ පියවර ගනු ඇත. ඊට අමතරව ඔබ මානසිකව ශක්තිමත් වීම වැදගත්ය. නිවුන් දරු උපතක් ගැන දැනගත් මොහොතේ පටන් මෙවැනි අවදානමකටත් මුහුණ දීමට සිත ශක්තිමත් කරගෙන සිටින්න. නමුත් ඍණාත්මක ආකල්පයක ගිලී සිටින්න අවශ්‍ය නොවේ. එන දෙයට ධනාත්මකාව මුහුණ දෙන්න.

……………

2373 times

……………

If you found this article interesting and helpful, please share with your friends too. Just click the “recommend” button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “recommend” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!