සුන්දර යුවතියක් දැකීමට කවුරුත් කැමතියි. ඉතින් ඔබත් කැමැති ඇති ඔබේ සුන්දරත්වය ඉස්මතු වන සේ ඇඳුම් පැළඳුම් කිරීමටත් ඇතැම් රූපලාවන්‍ය කිරීමටත් ඔබ කැමති ඇති. ගර්භනී භාවය එම විලාසිතා කිරීමට බාධාවක් කර ගත යුතු නැහැ.
නමුත් සමහර දේවල් ගැන විමසිලිමත් වීම වැදගත්. ඔබ ගර්භණී කාන්තාවක් ලෙස රූපලාවන්‍ය කටයුතු කිරීමේදී ඔබ කුස තුල සිටිනා දරුවා පිළිබද අවධානය යොමු කල යුතුයි. ඔබ ඔබේ රූපලාවන්‍ය චර්යා වෙනස් කල යුතු මිස ඒවාත් හැරිය යුතු නොවේ. පෙර මෙන් ගැබිණි සමයේද ඔබේ රූමත් බව රැක ගැනීමට ඔබට හැක. පහත ක්‍රම ඒ සදහා ඔබට උපකාරී වනු ඇත.
අඩංගු රසායනික ද්‍රව්‍ය පිලිබඳ විමසිලිමත් වන්න
ඔබ භාවිතයට ගන්නා ආලේපන වල අඩංගු ද්‍රව්‍ය පිළිබද අවධානය යොමු කරන්න. සමහර නිය ආලේපන වල අඩංගු ඇතැම් රසානික ද්‍රව්‍ය ඔබ දරු ගැබට හානියක් විය හැක.ඒ නිසා ආලේපන වර්ග භාවිතා කිරීමේදී සුදුසුකම් ලත් පුද්ගලයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
පහත දැක්වෙන අවදානම් රසායනික ද්‍රව්‍ය ඔබේ රූපලාවන්‍ය ද්‍රව්‍ය අසුරුමේත් සඳහන් වී ඇති දැයි බලන්න:
- isotretinoin
- tretinoinacitretinetretinate
- adapalene
- tazarotene
- dibutyl phthalate (DBP)
- diethylhexyl phthalate (DEHP)
- methylbenzene
- toluene
- retinol
- salicylic acid
මෙහි දැක්වෙන්නේ ඔබට එදිනෙදා දක්නට ලැබෙන රසායනික ද්‍රව්‍ය කිහිපයක් පමණයි. ඉතින් හොඳම පිළියම වන්නේ ගර්භනී සමයේදී “ස්වභාවික ශාක සාර වලින් සකස් කල” රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතයයි. ඔබ මඳක් සොයා බැලුවොත් බොහොමක්යක් ද්‍රව්‍ය වලට ආදේශක නිවසේදීම සාදා ගන්න ආකාරය හොයා ගන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් රසායනික වලින් ඈත් වෙන්න බලන්න. උදාහරණයක් ලෙස කොණ්ඩය රැළි නැති කිරීමට භාවිතා කරන දේවල් ඔබේ දරුවා වෙනුවෙන් මාස කිහිපයක් භාවිතා නොකරාට කමක් නැහැ නේද? ඔබේ ස්වාමි පුරුෂයා ඔබේ රැළි සහිත කොන්දයත් සුන්දර ලෙස දකීවි…
නිවසේදීම සාදා ගත හැකි රූපලාවන්‍ය ද්‍රව්‍ය
ඔබ අන්තර්ජාලයේ කියවා බලන විට පෙනී යනු ඇති බොහොමයක් රූපලාවන්‍ය ද්‍රව්‍ය සඳහා ආදේශක නිවසේදීම පිලියල කර ගත හැකි බව. එපමණක් නොවේ, අපේ පාරම්පරික උපක්‍රමත් ඉතාම සාර්ථකයි. උදාහරනයක් ලෙස ඔබ භාවිතා කරන දෙහි, මීපැණි, අලි ගැට පෙර (අවකාඩෝ), ස්වභාවික විනාකිරි, උළුහාල් ආදිය ඉතාම ප්‍රයෝජනවත් ආලේපන නිවසේදීම නිපදවා ගැනීමට උදවු වනු ඇත.
අලුත් ක්‍රම භාවිතා කරන්න
ගර්භණි සමයේ ඔබේ මුහුණ පිරුණු ස්වභාවයක් ගනී. පිරුණු බව අඩු කර ගැනීමට මද රතු පැහැයට හුරු ආලේපයක් භාවිතා කල හැකි අතර තෙල් ගතිය අඩු තෙත ගතිය සහිත ස්වභාවික හෝ ක්‍රීම් වර්ග භාවිතා කල හැක. ඒ වගේම ඔබේ ඇඳුම් පැළඳුම් රටාව මගින්ද පෙනුම වෙනස් කල හැක.
හිස කෙස් වර්ණ ගැන්වීම
ඔබේ දරුවා තවමත් ඔබ කුසට ආධුනික බැවින් පළමු මස තුන තුල හිස කෙස් වර්ණ කිරීමෙන් වැලකි සිටින්න. එයින් පසුව වුවත් ඔබට හිස කෙස් වර්ණ කිරීමට සිතා සිටිනවානම් ඔබේ රුපලාවන්‍ය ශිල්පියාට ඔබ ගර්භනී බව පැවසීමට අමතක නොකරන්න. ඔබ රුපලවන්යාගාරයකින් සේවය ලබා ගන්නේනම් ඔබේ ශ්වසන වායුවට රසායන ද්‍රව්‍ය (spray) මුසු නොවීමට වග බලා ගන්න. එය ඔබේ දරුවාගේ වැඩීමට බාධාවක් වනු ඇත.
……………………
Verified by Dr Ravi Liyanaarachchi
……………..
මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!
22802 times