ගර්භනී වේදනා අඩු කර ගැනීමට ක්රම 7 ක්

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

69063 times
ගර්භණී බවයත් සමග ඔබ වේදනාකාරී තත්වයකට මෙන්ම නුපුරුදු රෝග ලක්ෂණ වලට මුහුණ දීමට සිදු වුනාද? මේ සියල්ලට හේතුව ඔබ දරු ප්රසූතියට සුදානම් වීමයි.

ඔබේ දරුවා වැඩේද්දී අස්ථි බන්ධනිය ලිහිල් වීමෙන් ගර්භාෂය විශාල වීමට ඉඩ සලසා දේ. මෙය ඔබගේ ශරීර දුබල බාවයට හා විශේෂයෙන් නිතබ ප්රදේශය හා උකුල ප්රදේශය පිඩනයට හේතු වේ. දරුවා බිහිවී ඔබ අතට ලැබෙනා තුරු ඔබට පුර්ණ සහනයක් නොලැබෙනු ඇත. නමුත් පහත දැක්වෙන පිළියම් මගින් යම් සහනයක් ලබාගත හැක.

පයින් ගමන් කරන්න.
ඉතා උස් තැන් හෝ දුෂ්කර මාර්ග වල නොව විවෙකීව සක්මන් කරන්න.හොද ව්යායාම ක්රමයක් ඔබේ චර්යාවට එකතු කර ගැනීම තුළින් ඔබේ සිරුර ශක්තිමත් කර වේදනාව මැඩ පවත්වනු ඇත.

නිවැරදි ආහාර වේලක් ලබා ගන්න.
ඔබගේ පෝෂණ තත්වය නිවැරදිව පාලනය කිරීම තුලින් ඔබේ සිරුරට ශක්තියක් මෙන්ම ඔබගේ බර පිලිබදව අවදානයෙන් සිටින්න. එය ඔබට මෙන්ම දරුවාටද සමස්ථයක් වශයෙන් වාසිදායක විය හැක.

පිහිනන්න
සැහැල්ලු ලෙස පිහිනිමේදී සිරුර පීඩනය අඩුවීම මෙන්ම අඩු බලපැම සහිත ව්යයමයක්ද වේ.

උණුසුම් කොට්ටයක් භාවිතා කරන්න
වේදනාව අඩුවීම සඳහා උණුසුම් කොට්ටයක් පිටුපස ප්රදේශයට තබා ගන්න. බොහෝ ඖෂධ අලෙවි සැල් (Pharmacy) වලින් සඳහාම නිපදවූ ප්ලාස්ටික් බෑගයක් මිලදී හැක.

සම්බාහනය කරන්න
ඔබේ මාංශ පේශි සඳහා සම්බාහනයක් කරන ලෙස ඔබේ සහකරුගෙන් ඉල්ලන්න.එමගින් ඔබේ සිරිර සැහැල්ලු වන අතර මාංශ පේශි ලිහිල් වී රුධිර ගමනය සක්රිය කරවයි. එය විවිධ ක්රම වලින් අත්හදා බැලීම තුළින් ඔබට පහසු සුදුසුම ක්රමය තෝරා ගන්න.

මද නින්දක් සඳහා කොට්ටයක් භාවිතා කරන්න.
ඔබ තවමත් ශරිරය සඳහා කොට්ටයක් භාවිතා නොකරන්නේනම් මේ ඒ සඳහා කාලයයි. නිදා ගැනීමේදී නිතරම කකුල් දෙක අතර සහ පිටුපස ප්රදෙහ්ස්යට කොට්ටයක් තබාගෙන සුවපහසු නින්දක් ලබා ගන්න.

විකල්ප ක්රම භාවිතා කරන්න.
ඔබට තවමත් සහනය නොලැබෙනම් වෛද්ය උපදෙස් යටතේ යෝගා , කටු චිකිත්සාව ,සම්භාහන මෙන්ම භාවනා ක්රම අත්හදා බලන්න.

….

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න
mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!