ගර්භණී සමයේ භාවනා කරන විට උපකාරී වන අගනා පාඨ පෙළක්

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

ගර්භණී සමයේ ඔබේ මානසික සුවය මතු උපදින දරුවාට ඔහු හෝ ඇය ඔබේ කුස තුල සිටින කාලයේ පටන්ම බලපාන බව රහසක් නොවේ. ඉතින් අපි අද ගෙන එන්නේ එසේ මානසික සුවය ලබා ගැනීමට භාවිතා කල හැකි භාවනාවකට උපයෝගී කර ගත හැකි බෞද්ධ සංස්කෘතිය අනුව ලියවුනු අගනා වදන් පෙළක්. හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් අදහන අපේ අනෙකුත් පාඨකයන්ටත් අපි ළඟදීම මෙවැනි භාවනා/යාඥ්ඥා පාඨ ගෙන එනවා.

පහත දැක්වෙන වදන් පෙළ දිනකට වරක් හෝ දෙවරක් නිස්කලංක වට පිටාවක සිට සිතෙන් මෙනෙහි කරන්න…
………………………………………………..

බුදු ගුණ අනන්තයි!

ධම්ම ගුණ අනන්තයි!

සංඝ ගුණ අනන්තයි!

අනන්ත වූ බුදු ගුණයෙන් – අනන්ත වූ ධම්ම ගුණයෙන් – අනන්ත වූ සංඝ ගුණයෙන් – මගේ කුසයේ සිටින දරුවා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සියලු අඟ පසඟයන්ගෙන් පරිපූර්ණ වෙත්වා, ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් වැඩේවා!

මෛත්‍රියෙන්, කරුණාවෙන්, උපේක්ෂාවෙන් වැඩේවා!

බෝසත් ගුණයෙන් පිරිපුන් ලෝ සතුනට සිතසුව සලසන්නෙක්ම වේවා!

උතුම් සුභ මොහොතින් මෙලොවට බිහි කරන්නෙක්ම වේවා!

ගර්භණී සමයේ මානසික අභියෝග (ලිපිය කියවීමට click කරන්න)

මාගේ බෝසතාණන් වහන්සේ මවු කුස තුල පිළිසිඳ ගන්නා මොහොතේදී දැන දැනම පිළිසිඳ ගත්තා සත්‍යයි. මවු කුස වසන කාලයේ දැන් මම මවු කුස තුල වසනවා යැයි දැන දැනම විසුවා සත්‍යයි. මවු කුස වසන කාලයේදී වීදුරු කරඬුවක් තුල තිබූ රන් පිළිමයක් සේ බෝසත් දරුවා මවු බිසවුන් වහන්සේ දුටුවා සත්‍යයි, බිහිවන මොහොතේ තමන් වහන්සේටවත්, මෑණියන් වහන්සේටවත්, කරදරයක්, බාධකයක්, නැතිව දබරාවකින් නික්මෙන් දියත්තක් මෙන්ද, ධර්මාසනයකින් බසින කථිකයාණන් කෙනෙක් මෙන්ද බොහෝ පහසුවෙන් බිහි වුණා සත්‍යයි.

ගර්භනී වේදනා අඩු කර ගැනීමට ක්රම 7 ක් (ලිපිය කියවීමට click කරන්න)

මේ සත්යානුභාව බලයෙන් මාගේ කුස තුල සිටින දරුවා ද මම ද නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! සැනසේවා!

බිහිවන මොහොතේ මටද දරුවාටද කරදර බාධක ඇති නොවේවා!

බිහිවන මොහොතේදී නිදුක් නිරෝගී භාවය ඇති සියළු අඟ පසඟයන්ගෙන් පරිපූර්ණ වූ ඥාණවන්ත ගුණවන්ත කල්‍යාණ මිත්‍රයෙක් වැනි වාසනාවන්ත දරුවෙක් වාසනාවන්ත මොහොතක බිහි කරන්නට වාසනාව ලැබේවා!

මාගේ කුස තුල සිටින දරුවා සේම අනෙකුත් උපදින සියලු දරුවෝම එසේ වාසනාවන්තයෝ වේවා!

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

………………………………………………..

පහත දැක්වෙන ලිපි ඔබට ප්‍රයෝජනවත්. පින්තූරය ක්ලික් කරන්න.

ගර්භණී සමයේ මානසික අභියෝග
ගර්භනී වේදනා අඩු කර ගැනීමට ක්රම 7 ක්
ගර්භණී සමයේ අපහසුතා වලට සුව දෙන කෑම බීම

…….

අපගේ සම්පත් දායකයකු වන කොළඹ “ලංකා හොස්පිටල්ස්” ආයතනයේ නාරී හා ප්‍රසව රෝග පිළිබඳ විශේෂන්ඥ වෛද්‍ය විජිත් විද්‍යාභුෂණ මහතා විසින් සකස් කල ලිපියක් ඇසුරිනි. Thanks to our kind resource person Dr Vijith Vidyabhushana, Consultant VOG at Lanka Hospitals, Colombo 05.

Dr Vijith Diyabhushana, MBBS (Colombo), MS (Colombo), MRCOG (UK), DFFP (UK), RCR/RCOG, Dip Advanced Obstetric Ultrasound (UK), Accredited Ultrasound Specialist

 

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

64591 times

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න
mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!