උපතට පෙර සති 40දී උදරය තුල සිදුවන දේ! (with photos)

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

පුංචි සිඟිත්තෙක් මේ ලෝකෙට එනවා දකින එක තරම් සතුටක් අපිට ලේසියෙන් හොයා ගන්න බැහැ… ඉතින් එහෙම මොලොව එලිය දකින්න කලින් එයා ගත කරන ජීවිතේ ගොඩක් අයට දකින්න ලැබෙන්නේ නැහැ… මේ තියෙන්නේ ඡායාරූප ශිල්පී ලෙනාට් නීල්සන් බොහොම අමාරුවෙන් අන්වීක්ෂ ආදිය භාවිතා කරමින් අරගෙන තවදුරටත් වැඩි දියුණු කල පින්තුර පෙළක්…

1. ශුක්‍රාණුවක් පැලෝපීය නාලය දිගේ ගමන් කරන අයුරු… මෙයට ඩිම්බයක් හමුවුවහොත් එය සන්සේචනය කිරීමට උත්සහ දරනු ඇත… නමුත් එක ඩිම්බයක් සංසේචනය කිරීමට උත්සහ දරන්නේ එක ශුක්‍රාණුවක් නොවේ… මිලියන ගණනක්ශුක්‍රාණු එකම ඩිම්බය සංසේචනය කිරීමට තරඟ කරති. බොහෝවිට සාර්ථක වන්නේ එක ශුක්‍රාණුවක් පමණි! සමහර අවස්ථා වල ඩිම්බ කෝෂයෙන් ඩිම්බ එකකට වඩා පිටවන අවස්ථා ඇති අතර එම ඩිම්බ වෙන වෙනම සංසේචනය වුවහොත් විෂම ජාති නිවුන් දරු උපතක්(Non-identical Twins) සිදුවියහැකියි.

2. ඩිම්බයක් හමුවූ ශුක්‍රාණුවක් එයට ඇතුළු වීමට සූදානම් අවස්තාව…මේ ක්‍රියාවලිය සිදුවන්නේ පැලෝපිය නාලයේ ගර්භාශයට සම්බන්ධ කෙලවරට ආසන්නවයි.

3. ඩිම්බයක් තුලට ඇතුළු වීමට උත්සහ දරන ශුක්‍රාණු දෙකක්… මෙයින් එක ශුක්‍රාණුවක් හෝ සාර්ථක වුවහොත් අනෙක් ශුක්‍රාණුවට අවස්තාව නොලැබී යයි!

4. ශුක්‍රාණුවක් සාර්ථක ලෙස ඩිම්බයක් තුලට ඇතුළුවන අවස්තාව, මීට හිස පෙදෙසේ ඇති එන්සයිම උපකාරී වේ.

5. ඩිම්බය තුලට ඇතුළු වූ ශුක්‍රාණුව,එහි වලිගය කොටස ඉවත් කරයි. අනතුරුව හිස පෙදෙසේ තැන්පත් කර තිබු ජානමය ද්‍රව්‍ය ඩිම්බය තුලට මුදාහරියි.

6. ශුක්‍රාණුවක් සාර්ථකව ඇතුළුවූ ඩිම්බය (යුක්තානුව) දිනෙන් දින වැඩෙන අයුරු. එය සෛල බෙදීමට ලක්වී දින 4ක් පසු වන විට සෛල ගුලියක් බවටද, ඉන්පසු බ්ලාස්ටෝසයිටයක් බවටද පත්ව දින 8ක්, 9ක් පමණ වන විට ගර්භාෂයේ තැන්පත් වේ… මේ මුල් අවදියෙදී යුක්තානුව කොටස් වලට බෙදී වෙනවෙනම විභජනය අරබුවහොත් ඉන් බිහිවනුයේ සමජාතීය නිවුන්දරුවන්ය.(Identical Twins)

7. මෙහි දැක්වෙන්නේ එසේ තැන්පත් වූ බ්ලාස්ටෝසයිටයයි. දැන් එය කෙමෙන් වැඩෙමින් කළලයක් බවට පත්වේ…

​8. මේ වර්ධනය වන්නේ මතු උපදින සිඟිත්තාගේ මොළය හා ස්නායු පද්ධතියයි.

9. හදවතත් වර්ධනය වීමට පටන් අරන්…

10. මාසයක් පමණ වන විට කුඩා මිනිස් අනුරුවකට ටිකෙන් ටික සමාන වෙන බව පේනවා නේද?​

11. මේ තමයි හිස කොටස… ඇස්, කන්, නාස වලට විවරයන් තියනවා… ටිකෙන් ටික එම අවයවත් මතුවේවි…

12. දැන් මාස දෙකක් විතර… සිහින් අත පයත් පෙනෙන්නට පටන් අරන්…

13. දරු පැටියා වැඩෙන ඉක්මන පේනවද? දැන් මාස 4 යි… චූටි ඇඟිලිත් මතු වෙලා…

14. සති 18 පමණ වන විට තමන්ගේ අත පය හොලවන්නත් එයාට පුළුවන්… නමුත් තාම අම්මට නම් දැනෙන්නේ නැතුවැති…නමුත් බොහෝ අම්මලාට දරුවාගේ ප්‍රථම චලනය (quickening) සති 16-23 අතරදී දැනෙනවා.

15. බලන්න, චූටි නියපොතුත් මතු වෙන්න පටන් අරන්…

16. මාස 5 පහු වීගෙන එන්න… සිහින් කෙස් මතුවෙනටා දැන් එයාගේ ඔලුවේ…ඒ විතරක් නෙමෙයි,දැන් බබාට ඔබේ හඬ ටික ටික ඇහෙනවා.

17. දැන් මාස 6ක් පමණ… බලන්න මෙයා දැන් සම්පුර්ණ මිනිස් ව්‍යූහයක්ම ලබා ගෙන ඉවරයි… දැන් අම්මට මෙයාගේ පුංචි දැඟලිලි  දැනෙන්න පුළුවන්…

18. සති 32ක් විතර වුන මෙයාගේ නියපොතු වැඩිලා… කොන්ඩෙත් පොඩ්ඩක් තියනවා…

19. සති 36 පසු වන විට දරුවාගේ බොහොමයක් අවයව වැඩිලා… ශරීරයේ තියෙන ඉන්ද්රියයනුත් වැඩ කරනවා…විශේෂයෙන් පෙනහළු බාහිර පරිසරයට හැඩගැහී අවසන්…

20. සති 39යි… දැන් නම් මේ ලෝකේ එලිය බලන්න හොඳම කාලේ…

…………..

Dr. (Mrs.) Chamathka Kospalawatte, MBBS.

 

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න
mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!