දරුවාගේ බුද්ධි හා චරිත වර්ධනයට සෙල්ලම් බඩු උදවු වේ

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

දරුවන්ගේ ජීවිතයට සෙල්ලම් කිරීම ඉතා වැදගත් බව ඔබ දන්නවා ඇති. ඔවුන්ගේ ජීවිතයට ප්‍රයෝජනවත් යමක් ඉගෙනීමටත්, අනාගත අධ්‍යාපනයේ අඩිතාලම ලෙසත් මෙම ක්‍රීඩාවන් ප්‍රයෙජනවත් වෙනවා.

ඇතැම් ක්‍රීඩා කිරීමට විශේෂයෙන් ක්‍රීඩා භාණ්ඩ අවශ්‍ය නොවුනත්, බොහොමයක් දරුවන් කැමැත්තක් දක්වනවා සෙල්ලම් බඩු සමග සෙල්ලම් කිරීමට. අපි බලමු එයින් දරුවාගේ මානසික හා පෞරුෂත්ව වර්ධනයට උවමනා දේවල් මොනවාද කියා…

අධ්‍යාපනික සෙල්ලම්බඩු වැදගත් වන්නේ ඇයි?

දරුවන් ලෝකය සමඟ කෙලින් අත්දැකීම් තිබිය යුතුය. එවිට ඔවුන්ට ඒ පිලිබඳව හොඳ අවබෝධයක් ඇතිවීමට සහ ඉගෙන ගැනීමට හැකියාව ඇත. දරුවා ඉපදුනු පසුව, ඔබ දරුවාට සෑම දෙයක්ම පිලිබඳව කියාදී තිබෙනවාද? ඔවුන් කතා කිරීමට, ඉඳ ගැනීමට, ඇවිදීමට සහ දිවීමට ඉගෙන ගනී. ඔවුන් ඒවා කරන ආකාරයද ඉගෙන ගනී. මිනිසුන් සහ ලෝකය ගැනද ඔවුන් ඉගෙන ගනී. මේ සෑම දෙයක්ම ඔවුන් ඉගෙන ගන්නේ සෙල්ලම් භාණ්ඩ සමඟ සෙල්ලම් කිරීමේදීය.

ඉගෙන ගැනීම

දරුවන් සෙල්ලම් භාණ්ඩ තුලින් අදහස් ඉගෙන ගනී. උදාහරණයක් වශයෙන්, දරුවන්ට ගුරුත්වය පිළිබඳ දැනීමක් නැත. භාණ්ඩයක් අතහැර දැමූපසු එය බිම වැටෙන්නේ ඇයි කියලා ඔවුන්ට දැනීමක් නැත. ඔවුන් ගුරුත්වය පිළිබඳ තීරණය කරනු ලබන්නේ ඔවුන්ගේ සෙල්ලම් බඩු වලිනි. දරුවා සෙල්ලම් බඩු තම දැනීමෙන් බිමට අතහරී. එම වැටුනු සෙල්ලම් බඩු ඔබ නැවත ඇහිඳ දුන්නත් ආපසු ඔවුන් හිතාමතාම එය වැටෙනවාද කියා බැලීමට බිමට අතහරී. ඔවුන් ගුරුත්වය පිලිබඳව ඇත්ත වශයෙන්ම තේරුම් ගන්නේ සෙල්ලම් බඩු සමඟ ඇති අත්දැකීම නිසාය.

ව්‍යායම ලබා ගැනීම සහ නිර්මාණාත්මකව සිතීම

දරුවන් සෙල්ලම් කිරීමෙන් මාංශ පේෂීන්ද ව්‍යායම කරයි. අශ්වයාගේ පිට උඩ පැද්දීම සහ බයිසිකලය පැදීම මඟින් මාංශපේෂින් ව්‍යායම වේ. සෙල්ලම් බඩු දරුවන්ගේ නිර්මණාත්මක බව වැඩිදියුණු වේ. දරුවන් කාඩ්බෝඩ් පෙට්ටි භාවිතයෙන් ගෙයක්, කූඩුවක් හෝ කෝච්චියක් නිර්මාණය කර ඒවා වලින් සෙල්ලම් කරයි. ඔවුන් බොහෝ විට විවිධ භාණ්ඩ ආධාරයෙන් සෙල්ලම් කිරීමට ගනී. “අපි සෙල්ලමට මෙහෙම හිතාගමු” කියා, සෙල්ලම් භාණ්ඩ තුලින් මවා ගැනීම් කර විවිධ සෙල්ලම් කරයි. සෙල්ලම් බඩු දරුවාගේ ආත්ම විශ්වාසයේ වර්ධනයට උපකාරී වේ.

සෙල්ලම් බඩු නිසා ඇතිවන ආත්ම විශ්වාසය

දරුවා තම සෙල්ලම් බඩුව ( බයිසිකලය,ප්‍රහේලිකාව ) කෙරෙහි පාලනයක් ඇතිවූ විට තමා පිළිබඳ හැඟීමක් හා විශ්වාසයක් ගොඩනැගේ. ඔවුන් සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන විට නිතරම කියාපාන දෙය නම් “මා දිහා බලන්න. මට මෙදේ කරන්න පුළුවන්” කියා ඔවුන් ගේ සෙල්ලම් බඩු වලින් කල හැකි දේ පෙන්වා දෙයි. ඔවුන්ගේ නිපුණත්වය පිලිගැනීම ඉතා වැදගත් වේ. වැඩිහිටියෙක් ඔවුන් සෙල්ලම් කරන දෙවල් පිලිබඳව අවධානයෙන් සිටිනවිට, දරුවාට තමා පිළිබඳ හැඟීමක් හා විශ්වාසයක් ඇති වේ.එමෙන්ම දරුවන් ට තමා පිලිබඳ ඇති අදහස ශක්තිමත් වේ. සෙල්ලම් බඩු තුළින් දරුවාට තම හැගීම් සහ ආතතිය මුදාහරින ආකාරය දැන ගත හැකි වේ. වතුර ඉසීම,punching bag වැනි දෑ වලින් දරුවාගේ ආතතිය මුදාහැරීමට උදව්වේ.

සෙල්ලම් බඩු නිසා ඇතිවන සමාජශීලිත්වය

සීසෝව පැදීම,වැලි මාලිගා සෑදීම යන සජීවි සහභාගීත්වයක් අවශ්‍ය සෙල්ලම් බඩු තුළින් දරුවාට මිත්‍රත්වය/මිතුදම ඇති කිරීමට උදව්වේ. දරුවන් අනෙක් දරුවන් සමඟ සන්නිවේදනය කරන්නේ සෙල්ලම් බඩු වලිනි. තවද ඔවුන් කණ්ඩායමේ අනිත් ළමුන් සමඟ සෙල්ලම් කිරීමේදී, අනිත් අය සිතන පතන ආකාරය සහ ඔවුන් කැමති අකමැති දේවල් මොනවද යන්න සොයා ගත හැක. ඔවුන් සෙල්ලම් කරන සෙල්ලම් බඩුවක් හවුලේ භුක්ති විඳීමේදී සහ සෙල්ලම් බඩුවක් වෙනත් අයට නොදී තනිවම භුක්ති විඳින විට කුමක් සිදුවෙනවාද යන්න ඔවුන් ඉගෙන ගනී.

දරුවාගේ විවිධ අංශ සංවර්ධනය කරන විවිධ සෙල්ලම් බඩු

මේ සෙල්ලම් බඩු අතරින් සමහර ඒවා සෙල්ලම් කුස්සියකට අවශ්‍ය කරන භාණ්ඩ විය හැක. සමහර ඒවා කුඩා ආම්පන්න නැතහොත් හෝ බෝනික්කන් විය හැක. දරුවන්ට ඉතා ආරක්ෂිතව සෙල්ලම් කල හැකි භාණ්ඩ දිය යුතුය. සෙල්ලම් භාණ්ඩ විවිධ කාණ්ඩ වලට, දරුවාගේ විවිධ පැති වැඩි දියුණු කිරීම සඳහා බෙදා වෙන් කල හැක:

  • කායික සහ මාංශ පේෂී සංවර්ධනය සඳහා වාහන, බයික්, පෙට්ටි, ප්‍රෙහේළිකා, කොස්ස සහ සවලය යන භාණ්ඩ උදව් වේ.
  • ඉන්ද්‍රීය (ස්පර්ෂය, පෙනීම, ශබ්දය, රස සහ සුවඳ ) සංවර්ධනය සඳහා වතුර භාවිතා කර සිදුකරන සෙල්ලම්බඩු, සංගීත භාණ්ඩ, බුබුළු පිටකර සෙල්ලම් භාණ්ඩ, වැලි සෙල්ලම් භාණ්ඩ යන ඒවා උදව් වේ.
  • ක්‍රියාශීලී ලෙස සිතීම වර්ධනයට සහ සමාජ සංවර්ධනය සඳහා බෝනික්කන්, ඇඳුම් ඇන්දවීම්, කාර් එක, ට්‍රක් එක, ක්‍රීඩාව සහ පොත් යන ඒවා උදව් වේ.
  • නිර්මාණාත්මක සහ බුද්ධිමය සංවර්ධනය සඳහා මැටි, පාට පැන්සල්, පාට සායම්, පොත්පත්, පත්තර සහ කතුර යන ඒවා උදව් වේ.

……………..

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “share” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

If you found this article interesting and helpful, please share with your friends too. Just click the “recommend” button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!