ඔබේ දරුවාට වැසිකිළි භාවිතය පුහුණු කිරීම

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

දරුවාගේ ජීවිතයේ මුල් අවධියේදී වැසිකිළි භාවිතය පුහුණු කිරීම පිළිබඳව ඔබ සිතනවා ඇති. එහෙම නැතිවුනොත් දරුවාට අවුරුදු 5 වන විටත්, නැපි එක මත මුත්‍රා කර ඔබට අඬගැසීමට පුළුවනි. එය ඔබවත් දරුවාත් අපහසු තාවයට පත් කරනු ඇත! ළමා වැසිකිළිය (Potty) භාවිතය, දරුවාට සහ දෙමවුපියන්ටත් ඒ සඳහා හොඳම විසඳුම වේ. නිසි ලෙස කල් ගෙන පුරුදු කිරීම සහ ඉවසීම, සාර්ථකත්වයේ රහසයි.

වැසිකිළි භාවිතය දරුවාට පුහුණු කරන්න පටන්ගන්නේ කවදාද?

කුඩා දරුවෙකු වීම නිසා, ඔබ භාවිතා කරන වැසිකිළිය භාවිතා කිරීම ඔවුන්ට අසීරු විය හැක. එමනිසා, ඔබට ළමා වැසිකිළියක් (Potty) ගැනීමට සිදු වෙයි. අවුරුදු 2 පසුවන බොහෝ දරුවන් පොටි භාවිතයට උනන්දුවක් දක්වයි. එහෙත් සමහර ලමුන් අවුරුදු 2 1/2 හෝ ඊට පසුව හෝ ළමා වැසිකිළිය භාවිතයට උනන්දුවක් නැති නමුත්, ඒ සඳහා හදිසි වෙන්න අවශ්‍ය නැත. ඉතින් දරුවාට ළමා වැසිකිළිය භාවිතය සඳහා උනන්දු කිරීම අවුරුදු 2ත් 2 1/2ත් අතර වයසේදී පටන් ගත හැක.

ඔබේ දරුවා මේ සඳහා සූදානම්ද කියා දැනගැනීමට ඔබෙන්ම මේ ප්‍රශ්න අසන්න.

  • ඔබගේ මූලික උපදෙස් දරුවාට තේරුම්ගැනීමට සහ පිළිපැදීමට පුළුවන්ද?
  • ඔබේ දරුවාට වැසිකිළියට යාමට අවශ්‍ය වූ විට, වචන වලින්, මුහුණින් සහ අනිකුත් ඉරියව් වලින් ඔබට ප්‍රකාශ කරයිද?
  • ඔබේ දරුවා Diaper, තෙමුනු විට සහ කිලුටු වූ විට ඔබට පැමිණිලි කරයිද?
  • ඔබේ දරුවා, ඔහුගේ හෝ ඇයගේ යටි කලිසම තනිවම පහලට සහ උඩට අදීයි ද?
  • ඔබේ දරුවාට තනිවම ළමා වැසිකිළියේ ඉඳගැනීම සහ හිටගැනීමට පුළුවන්ද?

මෙහි බොහෝ ප්‍රශ්නවලට ඔබ ‘ඔව්’ කියනවානම්, ඔබේ දරුවා ළමා වැසිකිළියට පුරුදු කිරීමට ආරම්භ කල හැකිය. නැතහොත් මෙහි බොහෝ ප්‍රශ්නවලට ඔබ ‘නෑ’ කියනවානම්, ඔබට තවත් කාලය අවශ්‍ය වනු ඇත.

පිරිමි ළමුන්ට උස ප්‍රමාණවත්නම් සාමාන්‍ය වැසිකිළියකදී මුත්‍රා කිරීමට පුරුදු කල හැක. නමුත් ගැහැණු දරුවන්ට මුත්‍රා කිරීමත් මල පහ කිරීමත් ළමා වැසිකිළියෙදීම පුරුදු කරන්නට වනු ඇත.

පුහුණුව සඳහා ස්ථානයක් සූදානම් කිරීම

නානකාමරයේ හෝ පලමුව ඔබේ දරුවා වැඩියෙන්ම ගතකිරීමට කැමති ස්ථානයේ, ළමා වැසිකිළිය තබන්න. ඔබේ දරුවාව ළමා වැසිකිළියට හුරුපුරුදු කරවන්න. සරල, පැහැදිලි වචන වලින් දරුවාට වැසිකිළිය භාවිතා කරන ආකාරය තේරුම් ගැනීමට උදව් කරන්න. දරුවාට පෙනෙන පරිදී, ළමා වැසිකිළියේ වාඩිවන ආකාරය රඟපා පෙන්වන්න.

ළමා වැසිකිළිය භාවිතා කිරීම සඳහා දරුවා උනන්දු කිරීම

ඔබේ දරුවා ළමා වැසිකිළියට කැමැත්තක් පෙන්වුවහොත්, දවසකට කිහිප සැරයක්ම Diaper එක නැතිව ළමා වැසිකිළියේ හෝ වැසිකිළියේ ඉඳගැනීමට පුරුදු කරන්න. දරුවාට නානකාමරයට යාමට අවශ්‍ය වූ විට, ඔබත් දරුවා සමඟ සිටින්න. දරුවා පහසුවෙන් වැසිකිළියේ හෝ ළමා වැසිකිළියේ ඉඳ ගන්නා විට ඔවුන්ව වර්ණනා කරන්න (“ෂා, මගේ හොඳ දුව/පුතා… මෙයා දැන් ලොකු ළමයෙක්නේ” ආදී වශයෙන්). එමෙන්ම, ඔවුන්ට එම ආකාරයෙන්ම, නැවත උත්සහ කල හැකි ‍යැයි මතක් කරන්න.

දරුවා හොඳින් ළමා වැසිකිළියේ ඉඳගැනීමට පුරුදු වුවහොත්, ඔවුන්ට කුඩා sticker වැනි දෙයක් හෝ සුළු සුළු තෑගී දී උනන්දුව වැඩි කල හැකියි… මෙසේ ලබාගත් අලුත් හැකියාව සැමරීම සඳහා ඔබට දරුවාව විශේෂ විනෝදමත් තැනකට (චිත්‍රපටයක් නැරඹීමට/ ක්‍රීඩා පිටියකට/ කෙටි විනෝද ගමනකට) ගෙන යාමෙන් සතුට වැඩිකළ හැක.

වැසිකිළි භාවිතය සහ සනීපාරක්ෂාව

ගැහැනු දරුවන්ට, මුත්‍රා පිටකිරීමෙන් පසු, හොඳින් සෝදා ඉදිරිපස සහ පිටුපස හොඳින් පිසදමන්න උගන්වන්න. එසේ කිරීමෙන්, ගුද මාර්ගයෙන් යෝනියට සහ මුත්‍රාශයට විෂබීජ ඇතුල්වීම වලක්වා ගත හැක. මුත්‍රා කිරීමෙන් පසු, වැසිකිළිය සේදීමට flush කරන්න දරුවාට දෙන්න. එයින් පසු දරුවාට අත සබන් වලින් සෝදන ආකාරය උගන්වන්න.

ඉදිරියට පවත්වාගෙන යෑම

ළමා වැසිකිළිය සති කිහිපයක් සාර්ථකව භාවිතා කල පසු, ඔබේ දරුවාට ලේසියෙන් ගැලවිය හැකි diaper හෝ යටි කලිසම් (Training pants) භාවිතා කල හැක.ඔබේ දරුවා training pants හෝ යටි කලිසම තනිවම ඇඳීමට හැකිවන විට, පිට ඇඳුම හෝ බඳ පටිය වැනි වෙනත් දෙවල් වලින්, දරුවාට ඇඳුම් ඉවත් කර ගැනීමට ඇති හැකියාව වලක්වයි.

දරුවා වැසිකිළි භාවිතයට හුරු නොවුනොත්

ඔබේ දරුවා ළමා වැසිකිළිය හෝ වැසිකිළිය භාවිතය, සති කිහිපයක් උත්සහ කලත් ඒ සඳහා සූදානම් නැති වුවහොත්, ටික කාලයකට එම උත්සහය නවත්වන්න. බොහෝ විට දරුවා ඒ සඳහා සුදානම් නැති නිසා විය හැක. නැවතත් මාස කිහිපයකින් උත්සහ කර බලන්න. සමහරවිට දරුවා ඒ කාලය වන තුරු ඒ සඳහා සුදානම්ව සිටිය හැක.

……………..

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න
……………..

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

25354 times

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!