ඔබේ දරුවාගේ කථනය ප්‍රමාද ද?

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

පසුගිය ලිපියේදී අප ඔබ සමග දරුවාගේ කථන වර්ධනය ගැන සාකච්ඡා කළෙමු. මෙම ලිපියෙන් ඔබට දරුවාගේ කථනයේ ප්‍රමාදයක් තිබේද යන්න තේරුම් ගැනීමටත් ඒ පිලිබදව ඔබට කල යුතු සහ කල හැකි දේ පිලිබදව අදහසක් ලබා ගැනීමට හැකියාවක් ලැබේ.

ප්‍රමාදය දැන ගන්නේ කෙසේද?

දරුවාගේ කථනය නිසි වයසේදී තිබිය යුතු කථනයට වඩා මාස 6 ට වඩා ප්‍රමාද නම් එය සැලකිය යුතු ප්‍රමාදයක් වේ. උදාහරණයක් ලෙස දරුවෙකු අර්ථාන්විත වචන කීම සාමාන්‍යයෙන් මාස 7-8 ආරම්භ වේ. දරුවාට වයස අවුරුදු 1 වන විටදීත් අර්ථාන්විතව වචන නොපවසි නම් එය ප්‍රමාදයක් ලෙස සැලකිය හැක.

ඔබ කල යුතු දේ කුමක්ද?

ඉහත සදහන් පරිදි දරුවාගේ කථන ප්‍රමාදයක් ඔබ නිරීක්ෂණය කල වහාම ළමා වෛද්‍ය විශේෂඥ වරයකුගේ හෝ කථන සහ භාෂා චිකිත්සකවරයෙකු හමුවී සහය ලබාගත යුතු වේ.

ප්‍රමාදයක් සිදු වීමට හේතු මොනවද?

ඩවුන්ස් සහලක්ෂණය (Down’s Syndrome), ඔටිසම් (Autism), මස්තිෂ්ක ආඝාතය (Cerebral Palsy), බිහිරි බව හෝ කන ඇසීමේ දුර්වලතාවයන් යනාදී තත්ත්ව ඇති දරුවන්ගේ කථනය ප්‍රමාදය. මෙම තත්ත්ව නොමැති දරුවන්ගේ ඇති කථන ප්‍රමාදය නිවසේදී දරුවාට කථනය ඉගෙන ගැනීමට නිසි පරිසරයක් නොමැති වීම හේතු වේ

නිසි පරිසරය යනු කුමක්ද?.

දරුවෙකු ඉගෙන ගැනීම මුලික වශයෙන් අනුකරණයෙන් සහ අසා සිටීමෙන් සිදුවේ. වර්තමානයේ කාර්ය බහුල දෙමාපියන් කුඩා දරුවන් තම මාපියන් හෝ මෙහෙකාරිය සමග හෝ නිවසේ රදවා තබා රැකියා සදහා පිටත්වේ. බොහෝ නිවස් වල දරුවට සෙල්ලම් බඩු කිහිපයක් ලබාදී හෝ දරුවාට කාටුන් බැලීමට සලස්වා නිවැසියන් තම වැඩ කටයුතු වල නියැලේ. දරුවාගේ අවශ්‍යතාවයන් සඳහා ද කාලසටහනක් සදගන්නේද නිවැසියන්ගේ පහසුව පිණිසය. මේ හේතුන් මත දරුවා සමග සිදුවන සන්නිවේදනය බොහෝ දුරට අවම වේ. බොහෝ මාපියන් දරුවාගේ ඇඩීම නවතා ගැනීමට දරුවා යමක් ඉල්ලීමට පෙරම එම දේ දරුවා අතට පත් කරනු ලැබේ. ඉහත අවස්ථා සලකා බැලීමේදී දරුවට තමන්ට අවැසි දේ ඉල්ලීමට අවස්ථාවක් ලැබී නැත. එහෙත් දරුවට අවැසි දේ කිසිදු වෙහෙසකින් තොරව දරුවාට ලැබී ඇත. මෙවැනි පරිසරයක් යටතේ දරුවා කිසිසේත්ම තමාට අවැසි දේ වචනයෙන් ඉල්ලීමට පුරුදු වන්නේ නැත. බොහෝ විට ඇඩීමෙන්, කෝපාකාරි හැසිරීම් රටා පෙන්වමින් තම අවශතාවයන් දරුවා ඉටු කරගැනීමට පෙළඹේ.

ඔබට කල හැකි දේ කුමක්ද?

දරුවා සමග හොඳ සන්නිවේදනය තිබීම සඳහා අවශ්‍ය පරිසරය සකසා ගැනීම ඔබට කල හැකි පිලියමක් වේ. ඔබ රැකියාවක නියැලෙන දෙමාපියන් නම් දරුවා සමග නිවසේ රැදෙන කාලයේ දරුවා සමග හොදින් කතා බස් කරවීම සිදු කල යුතුය. ඔබ දරුවා සමග නිවසේ සිටි නම් දරුවා සෙල්ලම් කරනා විට දරුවා සමග එකතු වී සෙල්ලම් කරමින් එහි සිදුවන දේ විස්තර කරමින් සෙල්ලම් කරන්න. දරුවා නින්දට යාමේදී හෝ ගමන් බිමන් යාමේදී දරුවට කතාන්දර කියාදීම දරුවන් ට ඔබින ළමා ගීත දරුවා සමග ගායනා කිරීම වැනි දේ සිදු කරන්න. දරුවා සමග හොඳ සන්නිවේදන කලාවක් ගොඩ නගාගන්න. දරුවා කිසියම් දෙයක් ඉල්ලන තෙක් කිසිවක් නොදෙන්න. මෙහිදී හැකි පමණින් දරුවාගෙන් වචනයක් ලබා ගැනීමට උත්සහ කරන්න. දරුවා ඉල්ලන දේ නම ඔබ කියා දරුවාට එය නැවත කීමට පවසන්න.

එමෙන්ම කථන සහ භාෂා චිකිත්සකවරයෙකුගේ සහය ලබා ගැනීමටද කටයුතු කරන්න.

අංගාරා කුලරත්න මිය,
ශ්‍රවනවේදී සහ කථන හා භාෂා ව්‍යාදීවේදී,
රෝසේත් පෞද්ගලික රෝහල,
අම්බලන්ගොඩ.

……………..

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “recommend” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

If you found this article interesting and helpful, please share with your friends too. Just click the “recommend” button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!