ඔබේ දරුවාට ආහාර හඳුන්වා දීම

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මවුවරුන් තම දරුවාට මව් කිරි ලබා දීමෙන් අනතුරුව ප්‍රථම වරට නව ආහාර හදුන්වා දීම පිලිබදව චකිතයකින් සිටීම ඉතාම සාමාන්‍ය තත්වයක්. එම චකිතය බොහෝ ලෙසින් අඩු කර ගැනීමට අප ඔබ වෙත ගෙන එනු ලබන මෙම ලිපිය ඔබට උදවු වේවි.

දරුවාගේ වයස මාස 6 දක්වා මවු කිරි බීම අනිවාර්ය බවත්, ඉන් පසුව වෙනත් ආහාර හඳුන්වාදීම සුදුසු බවත් වෛද්‍යවරුන් අවධාරණය කරනවා. නමුත් ඇතැම් වෛද්‍යවරුන් දරුවාගේ වයස මාස 6 සපිරීමට පෙර (මාස 4 පිරුණ පසු) මවුකිරි නොවන දියරමය ආහාර හඳුන්වාදීමට උපදෙස් දෙන අවස්ථාද තිබේ. ඒ නිසා මෙම ලිපියේ කියවෙන දේ ක්‍රියාත්මක කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් මේ ගැන සැක හැර අසා දැනගන්න.

නව ආහාර සහ අසාත්මිකතාවයන්

දරුවාට නව ආහාර හදුනා දීම පිළිබද ප්‍රථමයෙන් ඔබ ඔබගේ වෛද්‍යවරයා සමග කතා බහ කරන්න. අසාත්මිකතාවයන් සදහා හේතු වන ආහාර වන සෝයා ආශ්‍රිත ආහාර, කිරි ආහාර, බිත්තර, තිරිගු, විවිධ මාළු වර්ග මෙන්ම විවිධ කජු ඇට වර්ග දරුවාට කැවීමේදී සැලකිළිමත්ව ඉතා කුඩා ප්‍රමාණ වලින් කවමින් යම් අසාත්මික තාවයක ලක්ෂණ ඇතිවේ දැයි සොයා බලන්න. ඔබ මතක තබා ගත යුතුයි අසාත්මිකතා එතරම්ම සුලභ නොවන බවත්, ඒ ගැන සොයා නොබලා හුදෙක්ම ඔබේ මිතුරියන්ගේ හෝ නෑදෑන්ගේ වචන මත දරුවාට ආහාර ලබා නොදීමෙන් දරුවාගේ පෝෂණය අඩු වී වර්ධනය අඩාල විය හැකි බවත්. එනිසා රට කජු හැරුණ විට අනෙක් ආහාර සුළු ප්‍රමාණයෙන් දෙමින් අසාත්මික නොවන්නේ නම් ක්‍රම ක්‍රමයෙන් වැඩි කරන්න. නමුත් රටකජු වලට අසාත්මික නැති බවට සැක හැර දැන ගන්නා තුරු එය ආහාරයට එක් කරන්න එපා.

යම් ආහාරයක් නිසා ඇතිවන ආසත්මිකතාවයන් සදහා පවුල් ඉතිහාසයක් පවතී නම් හෝ ඉහත සදහන් කල ආකාරයේ ආසත්මිකතාවයන් ඇති වුවවහොත් නැවත වෙනත් ආහාර හදුන්වා දීමට සති 2ක පමණ කාලයක් කල් බලා සිටීම වඩාත් යෝග්‍යය යන්න වෛද්‍ය මතයයි. මෙම ආසාත්මිකතාවයන් වල ලක්ෂණ අතර අතීසාරය, වමනය මුහුණ ඉදිමීම් වැනි තත්වයන්, සහ විවිධ කුෂ්ඨ යනාදිය පවතී. (සරළව කියනවා නම්, යම් ආහාරයකට දරුවා අසාත්මික බව දැනුන විට එය ලබාදීම නවතා, මේ වනවිට ගැටළුවක් නැතිව දරුවා ආහාරයට ගන්නා ආහාර සති දෙකක් පුරා ලබා දෙන්න. අසාත්මික ආහාරය ලබා දෙන්න එපා. සති දෙක ගෙවුන පසු දරුවාට අසාත්මික නොවන අළුත් ආහාරයක් හඳුන්වා දෙන්න).

ලබා දිය හැකි විවිධ ආහාර වර්ග

විවිධ ආකාරයේ ආහාර දරුවාට හදුන්වා දීම හොද දෙයක් වුවද එසේ එක් එක් ආහාර සදහා දරුවා හුරු වීමට කාලයක් ගත වීම ස්වාභාවිකයි. එසේම එම සෑම දරුවෙක්ම විවිධ ආහාර සදහා දක්වන රුචිකත්වය දරුවාගෙන් දරුවාට වෙනස් වේ. මෙම ආහාර මෙලෙස වර්ග කල හැක.

  • අර්ධ ඝන දියරමය ආහාර
  • අඹරන ලද ආහාර
  • කුඩා කැබිලි වලට කඩන ලද ආහාර

දරුවාට ආහාර ලබා දීම

ඔබගේ දරුවා ධාන්‍ය කුඩුකර දියාරු ලෙස සැකසූ ආහාර (උදා: ත්‍රිපෝෂ කිරි සමග මිශ්‍ර කර කැවීම) වලට පුරුදු වී සිට නැවත වෙනත් ආහාරයකට යොමු වනවා නම් එයට වඩාත් සුදුසු වන්නේ කුඩාවට කපන ලද එළවලු සහ පලතුරු වේ. මාස 6න පසුව මුල් කාලයේ ඔබ දරුවාට ලබා දෙන ආහාර ඉතා හොදින් අඹරා දරුවාට ලබා දීම වැදගත්ය. ඒ ඔබගේ දරුවා ආහාර ලබා ගැනීම සිදු කරනුයේ ඔහුගේ/ඇයගේ  මුඛයේ තල්ල පිටුපස පෙදෙසට ආහාර තබා තද කර පසුව ගිලීමට ලක් කිරීම මගින් නිසායි.

එළවලු සහ පළතුරු…

සමහරු කියනනේ දරුවාට පලතුරු වලට ප්‍රථමයෙන් එළවලු හදුන්වා දිය යුතු බවයි. එවිට ඔබගේ දරුවා පැණිරස වලට පුරුදු නොවීය යන කතාවක් ඔබ බොහෝ වෙලාවට අසා ඇති නමුත් එහි කිසිදු සත්‍ය තත්ත්වයක් නැහැ. ඇත්තෙන්ම දරුවා උපදිනුයේම පැණිරස වලට වැඩි රුචිකත්වයක් සමගය. එමනිසා ඔබට එළවලු සහ පලතුරු හදුන්වා දීමේ අනුපිලිවල පිලිබදව ඇත්තෙන්ම ඔබ ඇත්තෙන්ම කරදර විය යුතු නැහැ. එමෙන්ම ඔබ අකමැති යයි යන කරුණ මත කිසිදු ආහාරයක් ඔබ ඔබගේ දරු සුරතලාගේ ආහාර වට්ටෝරුවෙන් ඉවත් කරන්නට එපා. (දරුවාට අහිතකර කෑම හැර).ඒ වගේම අධික පැණි රස සහ තෙල් සහිත කෑම සීමා සහිතව ලබා දිය යුතුයි.

නව ආහාර හදුන්වා දීමේදී ඇති වන ගැටළු

ඔබගේ දරුවා ඇතැම් ආහාර අකමැති යයි ඉවත දමන්නේ නම් එය ඔහුට/ඇයට කැවීමට මහත් පරිශ්‍රමයක් දරන්නට එපා. ඇතැම් ආහාර වර්ග (උදා: බතල) වලට ඔහු/ඇය පළමුව ඉතා අකමැති වීමට ඉඩ තියෙනවා. දින කිහිපයක් ඉන්නට හැර පසුව නැවතත් ඔහුව/ඇයව ආහාරයට යොමු කිරීමට උත්සහ කරන්න. නමුත් ඔබ ඉහත කි පරිදි නැවත නැවත සති කිහිපයක් උත්සහ කිරීමේ අවසන් ප්‍රතිපලය ලෙස එය වඩාත් ආසාවෙන් ලබා ගන්නා ආහාරයක් බවට පත් වේවි.

වෙනත් කරුණු

  • ඔබ මෙසේ ආහාර හදුන්වා දීමේදී ඔබගේ දරුවාගේ මලපහ වල පැහැය වෙනස් වීම පිලිබදව පුදුම වන්නට එපා. අසාමාන්‍ය ලෙස මලපහ වීමක් උනොත් (පාචනය/අධික මල බද්ධය) වෛද්‍ය උපදෙස් පතන්න.
  • ඔබ දරුවාට මේ වන විට ඉතා හොදින් මව් කිරි ලබා දීම සිදු කර තිබුණි නම් ආහාර හදුන්වාදීමට පසුව මල පහ වල ගන්ධය වෙනස් වීමක් හදුනාගත හැකි වෙයි. මෙය ඉතා සාමාන්‍ය තත්වයකි.
  • දරුවාගේ මලපහ වල ඝණත්වය තරමක් වැඩි නම් පලතුරු එළවලු වැනි ආහාර වලට යොමු වෙන්න. එමෙන්ම ඔබට ඔබගේ සිගිත්තාට වතුර හඳුන්වා දීම සිදු කල හැකි වනුයේද මෙම අවදියේය. දිනකට වතුර 60ml ත් 120ml ත් අතර ප්‍රමාණයක් ලබා දීම යෝග්‍ය වේ.
  • ඔබ දැනුවත් විය යුතු තවත් කරුණක් නම් දරුවාගේ උගුරේ සිරවෙන කිසිදු ආකාරයේ ආහාරයක් ලබා දෙන්නට එපා.

…………….

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

54811 times

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!