ළමා මානසික සුවතාවය පිලිබඳ අප දැනගත යුතු වන්නේ ඇයි?

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

කාන්තාවකගේ උත්තරීතරම පදවිය වන මවු පදවිය ලද ඔබ හෝ එය ලැබීමට ඇඟිලි ගණින ඔබ හෝ, ඔබගේ දෝතට පත් කිරිකැටියා මතු යම් දිනක, සමාජයේ වටිනා මිනිසකු වීම දැකීම හැර වෙනත් උතුම් බලාපොරොත්තුවක් නැති බව අපි හොඳින් දනිමු. දරුවකුගේ මානසිකත්වය පිලිබඳ දෙමාපියන් ලෙසත් ගුරුවරුන් ලෙසත් මනාව වටහා ගැනීම, හෙට දින වඩා යහපත් සමාජයක් බිහිකිරීමෙහිලා ඉමහත් පිටිවහලක් වේ. එමෙන්ම, ඔබගේ දරුවාගේ යහපත් සෞඛ්‍ය පුරුදු, මනා පෞර්ෂය වර්ධනය සහ ක්‍රියාකාරීත්වය දැක තෘප්තිමත් දෙමාපියන් ලෙස කල්ගෙවීම තරම් භාගයක් තවත් වේද?.

ශරීර වර්ධනය වගේම මානසික වර්ධනයත් වැදගත්…

ළමයකුගේ ශරීර වර්ධනය සඳහා ඔහුගේ සතුටුදායක මානසිකත්වය අනිවාර්ය අංගයකි. එබැවින් ළමාවියේදී ඇතිවන මානසික ගැහැට,මවු හෝ පිය සෙනෙහස අහිමිවීම, සාංකාව ආදිය ඔහුගේ මනා වර්ධනය අඩාල කරන ප්‍රධාන සාධක අතර වේ.

ශරීර වර්ධනය මෙන්ම මනා පෞර්ෂ වර්ධනය උදෙසාත්, ඉදිරිපත්වීමේ හැකියාව, සිය ආවේග පාලනය කරගැනීමේ හැකියාව, විවිධ අනියත භිය වර්ග(phobias ) වලින් මිදීම,නොයෙක් ආකාරයේ අතහැර ගත නොහැකි සිතිවිලි සහ හැසිරීම් (obsessions and compulsions) ආදිය සඳහා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සෑම වැඩිහිටියෙක්ම ළමා මනස වටහාගෙන සිටීම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

ජීවිතයේ එක එක අවධියයන්…

මානව කළලයේ සිට වයස අවරුදු දහඅට දක්වා විහිදෙන ජීවියාගේ මනස අධ්‍යයනය කිරීම සහ තත්කාලීනව ඔහු හෝ ඇය ආමන්ත්‍රණය කිරීම ළමා මනෝ විද්‍යාවේ අභිප්‍රායයි. කළල අවස්ථාවේ සිට වයස අවරුදු පහ තෙක් ‘මුල් ළමා විය’ ලෙසත්, ඉන් අනතුරුව ‘ළමාවිය ‘ ලෙසත් වයස දහයේ සිට දහඅට දක්වා ‘යව්වනොදය’ ලෙසත් බෙදා දැක්වේ. ඉදින් මේ සියලු අවදි වලදී මේ කුඩා ජීවියා සුරැකීම, වර්ධනය කිරීම, අධ්‍යාපනය ලබාදීම වැඩිහිටි අපගේ යුතුකම සහ වගකීම වේ.

ගර්භණී සමයේ සිටම මේ ගැන සැලකිලිමත් වන්න…

වත්මන් වෛද්‍ය විද්‍යාවට අනුකූලව ගැබිණි සමයේ මුල් ම වකවානුවල සිටම තම දරුවාගේ මොලය වර්ධනය උත්තේජනය සඳහා මව්වරුන්ට අප විසින් උපදෙස් දෙනු ලැබේ.සති විස්සේ පමණ සිට කුස තුල සිටින දරුවාට අවට ශබ්ද ඇසීමට පටන් ගන්නා හෙයින් සිත් සංසිඳුවන සංගීතය, පිරිත්, භජන් ආදී යහපත් ශබ්ද ශ්‍රවනය වීමට සැලැස්වීම සුදුසු වේ. මවගේ සිත කලහකාරී හෝ කලබලකාරී නොවිය යුතු සේම මවගේ මනසේ නිස්කලංක බවද ඉතාම වැදගත් වේ. පළපුරුදු ආචාර්යවරයකුගේ අනුදැනුම යටතේ සුදුසු යෝගා ව්‍යායාම වල යෙදීම, නිරතුරුව සතුටින් සිටීම හා ආගමික කටයුතුවල හැකි සෑම විටම නිරත වීම මවගේ මෙන්ම කුසතුල සිටින දරුවාගේද ශාරීරික හා මානසික සුවතාව සඳහා ඉවහල් වේ.

ළමා වියේ මානසික වර්ධනය යෞවනයටත් වැඩිහිටි දිවියටත් බලපානවා…

යව්වනොදය කරා පියනගන ඔබේ ආදරණීය දුව හෝ පුතා තාරුණ්‍යයේදී සිදුවන ශාරීරික වෙනස්වීම් හා මානසික වෙනස්වීම් වලට මුහුණ දෙන විට, සුදුසු පරිදි ඔවුන්ගේ හැසිරීම කළමනාකරණය කිරීම සඳහා ඔබ සුදානම් කිරීම ළමා මානසික සුවතාව පිලිබඳ දැනුවත් වීම මගින් ලැබේ. ළමයින් තාරුණ්‍යයට පියනගනවිය ඇතිවන මාපිය දූදරු සබදතාව බිඳවැටීම වළක්වාගෙන තම දරුවාව අවබෝධකරගැනීමේ හැකියාව ලබාගැනීමට දෙමාපියන් විශේෂ උත්සාහයක් ගත යුතු වේ. එමෙන්ම දරුවා විවිධාකාරයේ ඇබ්බැහි වීම් හා නුසුදුසු ආශ්‍රයන්ගෙන් මුදවා ගැනීමට වැඩිහිටියන් වඩා ඥානාන්විත ක්‍රියාමාර්ග ගතයුතුවේ. තමන්ගේ ආදර්ශවත් හා ඉවසිලිමත් හැසිරීම දරුවන්ගේ යහපත් පැවැත්ම උදෙසා හේතුවනබව අප සැමදෙනාම වටහා ගත යුතු වන සත්‍යකි.

ඉදිරි ලිපි පෙළ ගැන…

දරුවාගේ උපතේ සිට ඔහු සිදුකරන ක්‍රියාවන් ,ප්‍රතිචාරයන් සහ වර්ධන වෙනස්කම් පිළිබඳව දෙමව්පියන් නිරන්තරව විමසිලිමත්ව සිටිය යුතු වන අතර අපගේ ඉදිරි ලිපි මගින් ඒ සඳහා ඔබට මනා මඟපෙන්වීමක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙමු.එමගින් ළමයින්ට ඇතිවන විවිධ මානසික සංකූලතා කලින් හඳුනාගැනීම සහ ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් කරා යොමුවීමට හැකිවේ.ඒ අතර අධි ක්‍රියාකාරීත්වය, ඔටිසම් තත්වයන්,අස්පෙර්ගේර්ස් සින්ඩ්‍රෝමය ආදීවූ තත්වයන් දැක්විය හැක.මීට අමතරව නිසි ආකාරයට දරුවා ආහාර ගැනීමට පුරුදු කිරීම, වැසිකිලි යාමට පුරුදු කිරීම, නොදැනී මුත්‍ර පිටකිරීම පාලනය ආදීවූ නොයෙකුත් යහපත් සෞඛ්‍ය පුරුදු පුහුණු කිරීමත් ළමා මානසික සුවතාවයෙන් ඉගැන්වේ.

අපගේ වෙබ් පිටුව සමගින් නිරන්තරව රැඳී සිටින ඔබ සැම ළමා මනස පිලිබඳ හරියාකාරව දැනුවත් වැඩිහිටි සමාජයක් කරවීමෙන්, වඩා යහපත් ,ගුණගරුක අනාගත පරපුරක් බිහිකිරීමට හැකියාව ලැබේවායි මාතෘ කණ්ඩායමේ අපගේ ප්‍රාර්ථනාවයි.

…………….

Dr. (Mrs.) Devika Jayasekara, MBBS.

…………….

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!