දරුවා නිතර හඬනවා නම්…

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

තමන්ගේ දරු පැටියෙක් හඬා වැටෙන විට බලා සිටිය හැක්කේ කාටද? වයස අවුරුදු එකකට වඩා අඩු දරුවන් හැඩීම බොහොමයක් වෙලාවට සිදු වන්නේ ලෙඩ රෝග හෝ එවැනි කාරණා නිසා නොවෙයි.

ඉතින් ඔබ ඒ ගැන තරමක් හෝ දැනුවත් නම් ඔබට පුළුවන් දරු පැටියාට යම් පමණකින් උදවු වෙන්න…

කුඩා දරුවන් බොහෝ විට වයස අවුරුදු එකකට වඩා අඩු දරුවන් එකවර හැඬීමට ඔවුනොවුන්ගේ වෙන වෙනම හේතුන් ඇතිවා වන්නට පුළුවන්. බොහෝ වෙලාවට දරුවා හඩන්නේ කිරි අවශ්‍ය විටකදී විය හැකි නිසා ඔබට ප්‍රථමව කිරි ලබා දීමට උත්සහ කිරීමට පුළුවන්. නමුත් තවමත් දරුවා හදන්නේ නම්, ඉතා පළපුරුදු දෙමාපියන්ට වුවද ඇතැම් විටකදී දරුවා හඬනා හේතුව සිතාගන්නටත් නොහැකි වන අවස්ථා තිබෙන බව බොහෝ විට දැකිය හැකියි. මෙම දරුවාගේ කිසිදු ලෙඩ රෝගයකින් තොරව හැඬීම හේතුවක් නොමැතිව සිදු වන විටකදී එයට ඔබ විසින් ලබා ගත හැකි සරල ක්‍රියාමාර්ග අප මෙම ලිපිය හරහා ඔබ වෙත ගෙන ඒමට බලා පොරොත්තු වෙමු.

දරුවාට උණුසුමක් ලබා දෙන්න

අලුත උපන් දරුවන් කුස තුල සිටියා මෙන් සැම විටම උණුසුම හා ආරක්ෂාකරිව සිටීම සදහා විශේෂ වැඩි කැමැත්තක් දක්වයි. එම නිසා සෑම විටම දරුවාව රෙදි කැබැල්ලෙන් ඔතා හැකි පමණින් කුස තුල සිටියා මෙන්ම හැගීමක් ලබා දෙන ආකාරයෙන් තබන්නට උත්සහ ගන්න. දරුවාව උරහිසට ගෙන පපුවට තබා ගෙන නලවන්න. එවිට නැවතත් දරුවාට එම කුස තුල සිටියදී මෙන් ආරක්ෂාව හා උණුසුම පිළිබද හැගීම එනු ඇති වෙයි. බොහොමයක් දරුවන්ට ඉරීමට යමක් ලබා දෙනවට වඩා මෙම ක්‍රමය මගින් වැඩි ප්‍රතිපලයක් ලබා ගත හැක.

සංගීත සහ තාල

සංගීතය හා විවිධ ශබ්ද මගින් දරුවාව වෙනත් අතකට යොමු කරවා ගන්න පුළුවන්. විවිද ශබ්ද සහ ක්‍රියාකාරකම් රාශියක් මගින් දරුවා හැඬීම වලක්වා ගැනීමට හැකියාව පවතී. තවද දරුවා ඇතැම් විශේෂ ශබ්දයකට වෙනම සන්සුන් වීමේ වැනි අවස්ථාවන් දක්නට ලැබී ඇත.

එළිමහන් පරිසරයට ගෙන යන්න…

දරුවාට පිරිසිදු වාතය දැනීමට ඉඩ හරින්න. එය දරුවාට නවමු වූ අත්දැකීමක් වනවා නොඅනුමානයි. දරුවාට පරිසරය පෙන්වන්න. අහස, ගස්, දරුවා දැකීම දරුවාට විශේෂ අත්දැකීමක් වන්නට පුළුවන්. ඔහුගේ කුතුහලය වැඩිවී එයට අවධානය යොමු වනු ඇත. එය හැඬීම නැවත්වීමට යොදා ගත හැකි ප්‍රධාන ක්‍රමයක් ලෙස යොදා ගත හැකි වේවි.

මඳ උණුසුම් වතුර

නව පිරිසිදු වාතය මෙන්ම උණුසුම් වතුරද ඔබගේ දරුවාට නවමු වූ අත්දැකීමක් වනවා නිසැකයි . එය දරුවාගේ කදුළු නැවතවීමටද යොදාගත හැක. නෑවීමේදී වෙනසකට මෙන් දරුවා මදක් උණු ජලයෙහි තබා ගෙන සිටින්න. එහෙත් දරුවා අකමැති නම් එයට බල කරන්න එපා. නමුත් ඇතැම් දරුවන් එයට වැඩි කැමැත්තක් දක්වනවා වෙන්නට පුළුවන්. සෑම විටකම එම වතුර තරමට වඩා උණුසුම් නොවන බවට මුලින්ම සහතික කරගන්න.

විවිධ චලනයන්

වඩාගෙන ඇවිදීමට වඩා වෙනත් විවිධ චලනයන්ට දරුවා විශ්ෂයෙන් කැමැත්තක් දක්වනවා වන්නට පුළුවන්. සෙලවෙන පුටු ඔන්චිල්ලා පැද්දෙන පුටු යනාදියේ ඉන්දවා තැබීම එමෙන්ම වාහනයක ගමන් ගැනීම වැනි ක්‍රියාකාරකම් දරුවාගේ හැඬීම වලක්වා ගැනීමට හැකියාව ඇතිවා වන්නට පුළුවන්.

සම්බාහනය

කුඩා දරුවන් සෑම විටම ස්පර්ශයට වැඩි කැමැත්තක් දක්වයි. එමනිසා දරුවා හඩනා විට ස්පර්ශය මගින් එය නවත්වා ගන්නට හැකියාව ඇතිවෙන්නට පුළුවන්.නමුත් ඔබ කුඩා දරුවකු සම්බාහනය කරන හොදම විදිය නොදන්වා වන්නට පුළුවන් ඒ ගැන බය වෙන්න එපා. සිනිදු සෞම්‍ය ලෙස ඔහුව ස්පර්ශ කරන්න.

ඉරීමට සූප්පුවක් වැනි දෙයක් ලබා දෙන්න

ද රුවාට ඉරීමට කිසිවක් ලබා දීම දරුවා හැඬීම වලක්වා ගැනීමට ඇති සරල ක්‍රියාමාර්ගයකි. මෙය ඔබගේ දරුවා බඩගින්නේ සිටිනවා යයි කියිමටද ඉගියක් වන්නටත් පුළුවන්.ඉරීම මගින් දරුවාගේ හර්දස්පන්දන වේගය අඩුවෙයි. බඩෙහි මාංශ පේශීන් ඉහිල් වෙයි. එමෙන්ම ශරීරයෙහි මාංශ පෙශින්ද ලිහිල් වෙයි. මම හේතුන් නිසා ඔහුට සන්සුන් වීමට වැඩි ඉඩ කඩක් පවතී. දරුවාට ඉරීමට අසුවෙන යමක් ලබා දෙන්න සුප්පුවක් ඇඟිල්ලක් වැනි දෙයක් දරුවාට ලබා දෙන්න.

……………..

Verified by Dr. N. De. Silva

…………….

ඔබට ඇති වෛද්‍ය ගැටළු අසන්න මෙහි ක්ලික් කරන්න, Ask a Doctor | වෛද්‍යවරයාගෙන් අසන්න

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!
If you found this article interesting and helpful, please share with your friends too. Just click the “SHARE” button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!