ඔබේ සිඟිත්තාට ඩයපර තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

ඔබේ අලුත උපන් සිඟිත්තා නිවසට ගෙන එන්නේ ආලෝකයක්. ඒ සමගම දරුවා හඬන හඬත් ඔබේ සිත සෙනෙහසින් උතුරා යවන්නට සමත්. සමහර විට දරුවා හඬන්නේ මළ මුත්‍ර පහ කර ගත විටයි. එවිට ඔබට සිදුවෙනවා නැපිය මාරු කිරීමට…ඉස්සර නම් අම්මලා භාවිතා කලේ රෙදි කඩකින් සැදූ නැපියක්. නමුත් අද අපේ කාර්ය බහුල ජීවන රටාවත් සමග එය එතරම් ප්‍රායෝගික නැහැ. ඒ නිසා තමයි දැන් “භාවිතා කර ඉවත දැමිය හැකි” ජනප්‍රිය වී ඇත්තේ…

ඩයපරයක් යනු කුමක්ද?

සාමාන්‍යයයෙන් වැඩිහිටි අපිනම් තම ඇඳුමට යටින් සුව පහසු යට ඇඳුමක් අඳිනවා. අපි එය තෙමා නොගෙන අවශ්‍ය වෙලාවට වැසිකිළියට ගියත්, අත දරුවන්ට බොහෝ විට තමාගේ වැසිකිළි යාමේ අවශ්‍යතාවය ගැන දෙමවුපියන්ට කීමට හැකියාවක් නැහැ. එවිට මෙම ඩයපර අපට ඉතා ප්‍රයෝජනවත් වෙනවා. එය තනා ඇත්තේ ඉතා ඉක්මනින් වතුර උරා ගන්නා ඇතුළතක් සහ සමට සනීපදායක පිටත වැස්මක් සමගයි. ඉතින් රෙදි වලින් මසන ලද ළමා යට ඇඳුමක් මෙන් මෙය ඉක්මනින් තෙමී අපහසුතාවයක් ගෙන එන්නේ නැහැ.

ඔබ ඩයපර මිලදී ගන්නා විට සැළකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පහත දක්වමු:

දරුවාගේ ශරීරයේ මිම්මට ගැලපේද?

ඔබ මිලදී ගන්නා ඩයපරය දරුවාගේ ශරීර ප්‍රමාණයට සහ ශරීරයේ හැඩයට මනා ලෙස ගැලපෙන එකක් විය යුතුයි. එක් එක් වයස් සීමා වලට අනුව නිපදවුණ ඩයපර වෙළඳපළේ තිබෙනවා. නමුත් ඔබේ දරුවා සමහර විට එම ප්‍රමාණයට වඩා කුඩා හෝ විශාල විය හැකියි. එනිසා මනා ලෙස එහි දිග පළල හෝ වෙනත් මිමි කියවා දරුවාගේ මිම්මට ගැලපෙනවාද බලා පමණක් මිලදී ගන්න.

අමු ද්‍රව්‍යය

කුඩා දරුවන්ගේ සම ඉතා සියුම් බවත් ඉතා ඉක්මනින් ආසාදන සහ අසාත්මිකතා වීමට ඉඩ ඇති බවත් අප දන්නවා. එනිසා ඔබ සොයා බැලිය යුතුයි කුමන අමු ද්‍රව්‍යයකින් එය සාදා ඇතිද කියා. මුල්ම කාලයේ ඩයපර කඩදාසි වැනි අමු ද්‍රව්‍යයකින් සාදා තිබුනත් අද කාලයේ ඔබට දැකිය හැකි වන්නේ කපු සහ කෘතීම කෙඳි මනා ලෙස සම්මිශ්‍රණය කර සෑදු අමු ද්‍රව්‍යයක්. ඊට අමතරව ඔබ සොයා බැලිය යුතුයි එම ඩයපරයේ ජලය උරා ගැනීමේ හැකියාව. මඳක් මිලෙන් වැඩි උනත් වැඩි ජල ප්‍රමාණයක් උරා ගන්නේ නම් එය දරුවාට සුව පහසුවක් වේවි.

අසාත්මිකතා

බොහොමයක් ඩයපර ළදරු සමට සුදුසු වන බවට පරීක්ෂණ කර තහවුරු කර ගැනීමෙන් පසුවයි වෙළඳ පලට ලබා දෙන්නේ. නමුත් සමහර අමු ද්‍රව්‍ය ඉතා සුළු පිරිසකට අසාත්මික වීම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම ඩයපරය සමට ඇලෙන පටිය සුදුසු අමු ද්‍රව්‍යයකින් නිමවා තිබේද යන්න සහ එම පටියේ ඇති ගම් වර්ගය ඔබේ දරුවාගේ සමේ අසාත්මිකතා ඇති කරන්නේද යන්නත් සොයා බලන්න. ඩයපර වර්ග කිහිපයකින්ම කුඩා සංඛ්‍යාවක් මුලින් ගෙන භාවිතා කර බලා අසාත්මික නොවන වර්ගය තෝරා ගන්න.

මසකට ඩයපර කීයක් අවශ්‍යද?

සාමාන්‍යයෙන් මුල්ම සති කිහිපයේදී දරුවකු පැය කිහිපයකට වරක් නිතරම මල මුත්‍ර පිට කිරීමට ඉඩ තිබෙනවා. එනිසා දවසකට ඩයපර 6ත් 10ත් අතර ගණනක් උවමනා වේවි. ඉතින් මේ ගැන පෙර සිටම සැලසුම් කරගෙන සතියකටවත් ප්‍රමාණවත් ඩයපර ගෙන්වා තබා ගන්න අමතක කරන්න එපා. අන්තිමේ මොහොතේ ඩයපර ඉවර වී ඇති බව දුටුවොත් ඔබ පත්වන්නේ මහත් අකරතැබ්බයකට නේද?

ඩයපර සඳහා යන වියදම

ඩයපර තෝරා ගැනීමට පෙර ඔබට අවශ්‍ය කරුණු සම්පූර්ණ වන ඩයපර වර්ග හඳුනා ගෙන ඒවාට හොඳම මිලක් ලබා ගත හැකි තැන් හඳුනා ගෙන තබා ගන්න. නමුත් ඔබ මතක තබා ගත යුතුයි මිලෙන් අඩු ඩයපර ඇත්තේ ඔබ සිටින තැන සිට කිලෝමීටර 20ක් දුරින් නම් ඔබේ හෝ ඔබේ සැමියාගේ ගමන් කාලයත්, වාහනයට යන වියදමත් එක කල විට එම ලාභය අහිමි වී යා හැකියි. එනිසා ඩයපර ඔබේ නිවසටම ගෙන්වා දෙන සේවයක් ලබා ගැනීම ඉතා හොඳ අදහසක්.

ඩයපර සමග භාවිතයට අවශ්‍ය අනෙක් ද්‍රව්‍ය

ඔබේ ළදරුවා ඉතා පිරිසිදුවට තබා ගැනීම ඉතා වැදගත්. එනිසා නිතර නිතර දරුවාගේ අපිරිසිදු වූ ප්‍රදේශය පිරිසිදු කිරීමට සිදු වෙනවා. එය තෙත රෙද්දකින් නිතරම පිස දැමීම අපහසු විය හැකියි. විශේෂයෙන් ඒ සඳහා පිරිසිදු රෙදි තබා ගැනීමත්, නිතර නිතර එය සේදීමත් අවශ්‍ය නිසා. ඒ වෙනුවට පිරිසිදුකාරක ගලවන භාවිතාකර ඉවතලිය හැකි කුඩා ලේන්සු වර්ගයක් මිලදී ගැනීම නුවනට හුරුයි. ඒ සමගම මේ ඩයපර දමා තැබීමට බෑගයකුත් ගත්තොත් මේ සියල්ල පිළිවෙලකට තබා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.
……………..

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!