ඔබෙත් සිඟිත්තාගේත් සම සුමටව මෘදුව තබා ගැනීමට ඔබ කැමතියි නේද?

10503 times
තමන්ගේත් දරුවාගේත් ශරීර සෞඛ්‍ය ගැන පමණක් නොවේ සමේ සෞඛ්‍යය සහ සුමට මෘදු බව පවත්වාගෙන යාම ගැන වෙහෙසෙන්නේ නැති මවක් නම් සොයා ගැනීමට පහසු වන්නේ නැහැ. දරුවා සහ මව අතර ඇතිවන ආදරණීය ස්පර්ශය තව දුරටත් සුවදායක කිරීමට මවගේත් දරුවාගේත් සමෙහි ඇති සුසිනිඳු බව උදවු වෙනවා නොඅනුමානයි.

ඉතින් මේ විදිහට සම රැක ගැනීමටත් සුසිනිඳු බව වැඩි කර ගැනීමටත් විවිධ ක්‍රම අපේ මවු වරුන් භාවිතා කරනවා. ඒ අතරින් ඔබ අසා තිබෙනවාද ආමන්ඩ් ගැන?

ආමන්ඩ් යනුවෙන් හඳුන්වන්නේ විදෙස් රටවල වැවෙන ශාකයක්. මෙහි බීජය ඉතා ගුණ දායකයි. ඒ නිසා අතීතයේ සිටම එම රටවල ජනතාව මෙම ශාකයේ බීජ වලින් විවිධ ආහාර වර්ග, Almond Oil සහ රූපලාවන්‍ය සඳහා ආලේපන ආදිය නිෂ්පාදනය කර භාවිතා කරා.

* සම වියළීම වලක්වා ගැනීම
පවතින කාළගුණික විපර්යාසයන් නිසා බොහෝ විට මවු වරුන්ගේ වගේම දරුවන්ගේත් සම වියළී මෘදු බව නැති වී අපහසුතාවයට පත්වීමට ඉඩ තිබෙනවා. සමහර විට ඔබේ සම වියළී ඇති විට ඔබ දරුවාව ස්පර්ෂ කරන්නේ නම් එය දරුවාට ඉතා අපහසුදායක හැඟීමක් ඇති කරවන්නක් විය හැකියි. Almond Oil වල ඇති සුවිශේෂී ගුණයක් වන්නේ සමෙහි වියළි බව තුරන් කර මෘදු, සුමට මතුපිටක් ලබා ගැනීමට උපකාරී වීමයි. ඒ නිසා ඔබටත් හැකි සෑම අවස්ථාවකම Almond Oil භාවිතා කිරීමෙන් සම වියළි තත්ත්වයට ලක්වීම පාලනය කර ගන්න පුළුවන්.

* UV කිරණ වලින් ආරක්ෂාව

හිරු එළිය සමග පැමිණෙන අපගේ ශරීරයට අහිතකර කිරණ වර්ගයක් තමයි UV කිරණ නමින් හඳුන්වන්නේ. මේ කිරණ නිසා අපගේ සම එල්ලා වැටීම, අපිචර්මය ඝනකම වැඩි වීම වැනි අනිසි ප්‍රථිපල ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් සිතන්න ඔබේ දරු සිඟිත්තාගේ සමටත් මේ බලපෑම් සිදු විය හැකියි. ඔබට Almond Oil භාවිතා කරන්නට හැකියාවක් තිබේ නම් එය ඕබේත් ඔබේ දරුවාගේත් සම මනා ලෙස පවත්වාගෙන යාමට උපකාරී වේවි.

* කුරුලෑ සහ වෙනත් චර්ම ආසාදන වලින් වැලකීමට හැකියාව

Almond Oil වල ඇති විශේෂ ගුණයක් වන්නේ සමෙහි ඇතුලත ස්ථරයන් වෙතත් ලඟා වීමයි. ඒ නිසා Almond Oil සහිත සත්කාරක භාවිතා කරද්දී ඔබගේ සම තුලට කා වැදී එහි ඇති දූවිලි අංශු සහ වෙනත් අපද්‍රවය මනා ලෙස පිටතට ගෙන එනවා. එමගින් ඔබට ලැබෙන වාසිය වන්නේ සම මත ඇතිවන පීඩාකාරී කුරුලෑ ආදිය ඇතිවීමේ අවදානම බොහෝ සේ අඩු වීමයි.

* සමේ ඇතිවන බිබිලි ආදිය සුව වීමට සහයෝගයක් දක්වයි

කුඩා දරුවන් සිටින අම්මලා නිතරම දකින දෙයක් තමයි කුඩා බිබිලි සහ කැසීම් ආදිය. Almond Oil වල හොඳ Zinc ප්‍රතිශතයත් අඩංගු වන නිසා මේ තත්ත්වයන්ගෙන් සහනයක් ලබා ගැනීමට මවු වරුන්ට එය භාවිතා කල හැකියි.

* තරුණ පෙනුම රැක ගැනීමට උදවු වෙනවා
දරුවෙකු සිටින මවක් කියන්නේ ඉතාමත් අභියෝගාත්මක ජීවිතයක් ගත කරන්නියක්. ඒ නිසා මවකට තමන්ගේ රූ සපුව රැක ගැනීමට සමහර විට වෙලාව යෙදෙවීමට වන්නේ නැහැ. නමුත් Almond Oil සම මත ගැල්වීමෙන් ඔවුන්ට පුළුවන් සම රැළි වැටීම වලක්වා, සමෙහි ඇති මියගිය සෛල ඉවත් කර තමන්ගේ තරුණ පෙනුම රැක ගැනීමට.

* අවසාන වශයෙන්
මේ ආකාරයෙන් බැලු විට අපට පෙනී යනවා Almond Oil කියන්නේ ඉතාම ප්‍රයෝජනවත් ඒ වගේම විවිධ අංශ වලින් අපගේ සෞඛ්‍යයට හිතකර වන සුපිරි ස්වභාවික නිෂ්පාදනයක් බව. ඔබත් පවසන්න අපට මෙය භාවිතයෙන් ඔබ ලැබූ ප්‍රථිපල කෙසේද කියා.

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

mathru.lk

mathru.lk