දරුවාගේ පෙකණි වැල කැපීමෙන් පසු…

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

දස මාසයක් තුරාවට ඔබේ දරුවා කුසේ දරා සිටින විට දරුවාව පෝෂණය කිරීමට පෙකණි වැල ඉමහත් ලෙස උදවු වනවා. දරුවා මෙලොව එළිය දකින ඒ මොහොතේදී එම පෙකණි වැල දරුවාගෙන් වෙන්කරන බව අප සියලු දෙනා දන්නා කරුණක්.

ඒ අවස්ථාවේ ඔබට හෝ ඔබේ දරුවාට පෙකණි වැල වෙන් කිරීමේදී වේදනාවක් නම් දැනෙන්නේ නැහැ. නමුත් එය වෙන් කල පසු ඉතිරිවන කුඩා කොටස දින කිහිපයකින් ඉබේම ගැලවී යනතුරු ඔබට සිදුවෙනවා එය ආසාදනය නොවී තබා ගැනීමට.

මොකක්ද මේ පෙකණි වැල?

ගර්භණී සමයේදී කුස තුල සිටින දරුවා සහ මව අතර සම්බන්ධය ඇති කරන ප්‍රධානම ආකාරයක් තමයි පෙකණි වැල. දරුවාගේ උදරයේ ඇති පෙකණිය සහ වැදෑමහ අතර මෙය ගොඩ නගන සම්බන්ධය නිසා, මවගෙන් දරුවාට ඔක්සිජන් සහ වෙනත් පෝෂ්‍ය පදාර්ථ ලැබීමත්, දරුවාගේ ශරීරයේ නිපදවූ බහිස්රාවී ද්‍රව්‍ය සහ කාබන් ඩයොක්සයිඩ් මවගේ ශරීරය වෙත යැවීමත් සිදු කෙරෙනවා. ඒ වගේම මේ නිසා දරුවාට මවගෙන් ප්‍රතිශක්තියකුත් ලැබෙනවා.

දරුවා ඉපදුන විට පෙකණි වැලට කරන්නේ කුමක්ද?

දරු උපත සිදු වූ විට දරුවාගේ පෙකනියේ සිට අඟල් එකහමාරක් හෝ දෙකක් පමණ ඉතිරි කර එතනින් කලම්පයක් (හිර කරන clip එකක් වැනි යමක්) යොදන අතර, වැදෑමහ පැත්තට වන්නත් තව කලම්පයක් යොදනවා.දැන් මේ දෙක අතරින් කපා දමනවා.

ඉතිරි කොටසට කුමක් වේද?

දරුවාට වයස දින 5ත් 15ත් අතර කාලය තුල මෙම ඉතිරි කොටස කෙමෙන් කෙමෙන් කළු පාට වී වේලී යනු ඇත. ඉන්පසු එය ඉබේම වැටෙන අතර, පෙකණිය අසල සම්පූර්ණයෙන් සුව වීමට තවත් දින 7ත් 10ත් අතර කාලයක් ගතවේ. මෙය සම්පූර්ණයෙන් සුව වන තුරු ආසාදනය වන්න නොදී ඉතා පරිස්සමින් තබා ගත යුතුය.

මෙසේ සම්පූර්ණයෙන් සුව වනතුරු කළ යුත්තේ කුමක්ද?

ඉතා වැදගත් කරුණක් වන්නේ අතින් ඇද මෙය ඉවත් කරන්න උත්සාහ කරන්න එපා! එය ඉබේම වියලී හැලී යනතුරු තබන්න. පෙකණි වැලේ ඉතිරි කොටස ඉතා පිරිසිදුව සහ වියළිව තැබීමට අමතක නොකරන්න. දරුවා පිරිසිදු කිරීමට/ නැපි මාරු කිරීමට පෙර සහ පසු සැම විටම ඔබේ අත් සබන් යොදා සෝදා පිරිසිදු කරගත යුතුයි.

පෙකණි වැලේ කොටසට වාතාශ්‍රය ලැබෙන ලෙස ලිහිල් ඇඳුමකින් එම ප්‍රදේශය වසන්න. එම ප්‍රදේශය යන්තම් උණුසුම් වතුරෙන් සේදුවාට කමක් නැහැ, නමුත් ඉතා හොඳින් වියළා ගත යුතුයි. එයට ඉතා පිරිසිදු තුවායක් හෝ රෙද්දක් භාවිතා කරන්න. නැපිය ඇන්දීමට පෙර හොඳින් වියලන්න. මෙම ප්‍රදේශයේ විවිධ විෂබීජ නාශක දියර ගැල්විය යුතු නැහැ.

පෙකණි වැල හෝ පෙකණිය අවට ආසාදනය වී ඇති බවට ලක්ෂණ

  • පෙකණිය සහ ඒ අවට ප්‍රදේශය රතු පැහැ වී සහ/හෝ ඉදමී තිබීම
  • පෙකණි වැලේ කොටස ඉදමීම, දුගඳ හැමීම, දියර ගැලීම
  • දරුවාට උණ රෝගය ඇතිවීම
  • දරුවාගේ ප්‍රාණවත් බව අඩු වීම / කිරි බීමට උනන්දුවක් නැතිකම ආදිය

ඉහත ලක්ෂණ දක්නට ලැබේ නම් වෛද්‍ය උපදෙස් පතන්න
………………

 

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

21779 times

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න
mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!