පවුල් සම්පූර්ණ කිරීමෙන් පසුව උපත් පාලනය

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

පවුල් සම්පූර්ණ කිරීමෙන් පසුව තවත් දරුවන් ඉපදීම වැලැක්වීමට ස්ථිර උපත් පාලන ක්‍රම යොදා ගත හැකියි. මේවා ඉතාමත් ම ආරක්ෂාකාරී, ඉතා සාර්ථක සහ පහසු ඒවායි. මෙම ක්‍රම සියල්ලේ ම මූලික සිද්ධාන්තය වන්නේ ශුක්‍රාණු හා ඩිම්බය හමු වීම වැලැක්වීමයි.

ඔබ සිතා බැලිය යුතු කාරණා

ස්ථිර උපත් පාලන ක්‍රමයක් අනුගමනය කිරීමට පෙර ඔබ සිතා බැලිය යුතු කාරණා බොහොමයක් තිබෙනවා. මුල් ම කාරණාව නම් මේ ක්‍රම ඔබට කොතරම් ගැලපේ ද යන්නයි. ස්ථිර උපත් පාලනය සඳහා කරන laparoscopy හෝ laparotomy සැත්කම් වල දී කලාතුරකින් (1000 ට 1 ක් පමණ) අධික රුධිර වහනය, ආසාදන, බඩවැල් හා මුත්‍රාශය තුවාල වීම වැනි සංකූලතා සිදු විය හැකියි. යෝනි මාර්ගය තුලින් කරන Hysteroscopy ක්‍රම වල දී ඉතා කලාතුරකින් (10000 ට 2 ක් පමණ) ගර්භාශය සිදුරු වීම වැනි සංකූලතා ඇති විය හැකියි. මේ ස්ථිර උපත් පාලන ක්‍රම නිසා ඔබේ ලිංගික ආශාවන්ට කිසි වෙනසක් සිදු වෙන්නේ නැහැ.

අසාර්ථක වීමේ සම්භාවිතාව

මෙම ක්‍රම වල අසාර්ථක වීමේ සම්භාවිතාව 100 ට 1 ටත් වඩා අඩුයි. සමහර කාන්තාවන් මෙසේ ස්ථිර උපත් පාලන ක්‍රමයක් තෝරා ගෙන එම ක්‍රමය අනුගමනය කරන අතරතුර ඒ ගැන පසුතැවීමක් ඇති කර ගන්නවා. දරුවෙකුගේ මරණයක්, පවුල් ගැටලු හා මවගේ වයස අඩු වීම මෙසේ පසුතැවීමට තුඩු දෙන කාරණා අතර මුල් තැනක් ගන්නවා. ස්ථිර උපත් පාලන ක්‍රමය ලබා ගන්නා කාල පරාසය ගැනත් සිතා බැලිය යුතුයි. ඔබට රිසි පරිදි දරු ප්‍රසූතියෙන් පැය 24 ක් තුල හෝ දින 7 කට පසු හෝ ස්ථිර උපත් පාලන ක්‍රමයක් ලබා ගත හැකියි. සමහර ස්ථිර උපත් පාලන ක්‍රම පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමට සුළු කාලයක් ගන්නා නිසා එතෙක් වෙනත් ක්‍රමයක් භාවිතා කිරීමට සිදු විය හැකියි.

ස්ථිර උපත් පාලන සැත්කම්

ස්ථිර උපත් පාලන සැත්කම් laparoscopy, Hysteroscopy හෝ විවෘත සැත්කම් ලෙස කල හැකියි.

Laparoscopy

Laparoscopy ක්‍රමයේ දී පෙකනිය අසල කුඩා කැපුමකින් මුලින් ම උදර කුහරයට කාබන් ඩයොක්සයිඩ් පුරවනවා. සිහින් කැමරාවක් පෙකනිය අසල කැපුමෙන් උදර කුහරයට ඇතුලු කරනවා. තවත් කුඩා කැපුම් දෙකකින් වෙනත් සිහින් අඬු උදර කුහරයට ඇතුලු කර පැලෝපීය නාල කැපීම හෝ අවහිර කිරීම සිදු කෙරෙනවා.

විවෘත ක්‍රමයට කරන සැත්කම් mini-laparotomy ලෙස හඳුන්වනවා. මෙහි දී කරන කැපුම 3 cm පමණ කුඩායි. Laparoscopy ක්‍රමයට සාපේක්ෂව මෙම ක්‍රමයේ අවාසි කිහිපයක් තිබෙනවා. සුව වීමේ කාලයත්, වේදනා නාශක බෙහෙත් වල අවශ්‍යතාවයත් laparoscopy වල දී ට වඩා වැඩියි.

Laparoscopy හා mini-laparotomy යන ක්‍රම දෙකේ දී ම, පැය කිහිපයකට පසුව බොහොමයක් කාන්තාවන්ට රෝහලෙන් පිට ව යා හැකියි. සුළු උදරයේ වේදනාව, පූර්ණ නිර්වින්දනයේ දී හුස්ම දීමට කටින් ඇතුලු කරන බටය නිසා උගුරේ වේදනාව ඇති විය හැකියි. සමහර විට ප්‍රතිජීවක ඖෂධ දින කිහිපයක් තිස්සේ ගත යුතුයි.

Hysteroscopy

යෝනි මාර්ගය හරහා ඇතුලු කරන උපකරණ මගින් කරන ස්ථිර උපත් පාලන ක්‍රමය Hysteroscopy ගණයට ගැනෙනවා. Essure ක්‍රමයේ දී කරන්නේ කුඩා Coil එකක් යෝනි මාර්ගය හා ගර්භාශය හරහා පැලෝපීය නාලයට ඇතුලු කිරීමයි. මේ coil එක තැන්පත් කල පසු එය වටා කැලලක් ලෙස පටක වැඩී පැලෝපීය නාලය වැසී යනවා. මෙසේ වැසී යාමට මාස තුනක් පමණ කාලයක් යන නිසා වෙනත් උපත් පාලන ක්‍රමයක් එතෙක් භාවිතා කල යුතුයි. මාස තුනකින් පසු හා මාස හයකින් පසු HSG පරීක්ෂණයක් මගින් පැලෝපීය නාල වැසී ඇති බව තහවුරු කල යුතුයි. Hysteroscopy ක්‍රමයේ ඇති ප්‍රධානම වාසිය නම් කිසිදු නිර්වින්දනයක් නැතිව වුවත් කල හැකි වීමයි. මෙහි දී කිසිදු කැපුමක් නැති වීම ද විශාල වාසියක්. මෙහි වියදම අඩුයි. රෝහලේ ගත කරන කාලය අවමයි. සැත්කමින් පසු වේදනාව ඉතාමත් අවමයි.

ස්ථිර උපත් පාලන ක්‍රම ගැන තීරණය කිරීමේ දී ඔබේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම ඉතා වැදගත්.

…………………

Dr. T. M. S. Sameera B. Madugalle M.B.,B.S (COL),

…………………

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!

19339 times

මේ ලිපිය වැදගත් වේ යයි සිතන මිතුරු/මිතුරියන් අතර share කරන්න පහත icon ක්ලික් කරන්න

මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙදී අදාල කොන්දේසි සහ වෙබ් අඩවිය අදාලව වගකීම් ප්‍රතික්ෂේප කිරීම

මෙම වෙබ් අඩවියේ සඳහන් කරුණු ඔබව දැනුවත් කිරීම සඳහා පමණක් වන අතර, මෙම කරුණු පදනම් කරගෙන ඔබ විසින් යම් කිසි ප්‍රථිකාර ආදිය නොකළ යුතුය. ප්‍රථිකාර/ අහාර පාන ගැනීම/ ව්‍යායාම/ හැසිරීම් ආදී සියල්ල අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය උපදෙස් පැතීමෙන් පසු පමණක් සිදු කරන්න.

අප ආයතනය සහ පාඨක ඔබ අතර වගකීම් ප්‍රතික්ෂේපනය කෙරෙන පිටුව පහත සබැඳියෙන් (URL/link) කියවිය හැක.

 

mathru.lk

mathru.lk

Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!
Inline
අළුත් ලිපි ගැන දැන ගැනීම සඳහා පහත ඇති "Like Page" ක්ලික් කරන්න. ස්තුතියි!